ශ්‍රී ලංකා යෞවනියෝ 2-0 කින් පෙරමුණ ගනිති
සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම 2--0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. මෙම තරගාවලිය විස්සයි-20 තරග 5 කින් සමන්විත වේ.
තරගාවලියේ පළමු තරගය කොළඹ එන්.සී.සී. පිටියේදී පැවැති අතර දෙවැනි තරගය කොල්ට්ස් පිටියේදී පැවැත්විණ. පළමු තරගයේදී කඩුලු 5 කින් ජයගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවති දෙවන තරගය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය.
තරගාවලියේ ඉතිරි තරග තුන නොවැම්බර් 5, 7 සහ 10 දිනවලදී පැවැත්වෙයි.
■ එන්.සී.සී. පිටියේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට කඩුලු 5 ක ජයක්
මැලේසියානු කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 110 යි
(අයිනා නජ්වා 27, මහිරා ඉසාති 31, මිතාලි අයෝධයා 09/3)
ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 18 කදී කඩුලු 5 ට 113 යි
(විමෝක්ෂා බාලසූරිය නොදැවී 53, ලිමන්සා තිලකරත්න නොදැවී 19, අයිස්‍යා එලීසා 38/2)
■ කෝල්ට්ස් පිටියේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට කඩුලු 7ක ජයක්
මැලේසියා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 94 යි
(අයිනා හමිසා 19, මාස් එලිසා 23, අසේනි තලගුණේ 14/2)
ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 17.4 කදී කඩුලු 3 ට 98 යි
(විමෝක්ෂ බාලසූරිය 20, මනුදි නානායක්කාර නොදැවී 33, ශෂිනි ගිම්හානි නොදැවී 32)
- 213