Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 17 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 17 ක් ඉදිරියෙන්

editorial - 2019 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කුල්නාහිදි පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (4 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් කඩුලු 5 ක් අතැතිව බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 17 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නායක නිපුන් ධනංජය ලකුණු 29 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 75 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී අවිෂ්ක පෙරේරා (18) දැවී යෑමත් සමග තෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. හෙට (5 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

ලකුණු 170 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සොනාල් දිනූෂ (55) සමත් විය. පැය දෙකහමාරකට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටි ඔහුගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

රවිඳු රෂාන්ත (33) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනූෂ සමත් වූ අතර රෂාන්තගේ ඉනිමටද හතරේ පහර 4 ක් ඇතුළත් විය. මුල් ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් කුෂාන් වික්‍රමසිංහ දෙවැනි ඉනිමේදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක් ලබා සිටියදී දැවී ගියේය.

දෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ ලකුණු 33 ක් පමණි. බංග්ලාදේශ යොවුන් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මෙහෙරබ් හසන් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නිපුන් ධනංජය ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර කුෂාන් වික්‍රමසිංහ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳහෙළුහ.


ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
(කුෂාන් වික්‍රමසිංහ 73, නිපුන් ධනංජය 29, ලක්ෂාන් ගමගේ 47, දුනිත් වෙල්ලාලගේ 17, ශහීන් අලම් 62/7, රාමන් රුහිත් 60/2)

බංග්ලාදේශ යොවුන් පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 354
(නව්රෝස් නබිල් 98, සජිඞ් හොසේන් 26, අල්වි හක් 72, ශහදත් හොසෝන් 50, අමීට් හසන් 18, මෙහෙරබ් හසන් නොදැවී 33, නිපුන් ධනංජය 35/4, කුෂාන් වික්‍රමසිංහ 19/2, දුනිත් වෙල්ලාලගෙ 68/2)

ශ්‍රී ලංකා යොවුන් පිලේ දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 187
(කුෂාන් වික්‍රමසිංහ 24, තවීෂ කහතුඩුවාරච්චි 18, රවිඳු රෂාන්ත 33, සොනාල් දිනූෂ 55, නිපුන් ධනංජය නොදැවී 29, අවිෂ්ක පෙරේරා 18, මෙහෙදි හසන් 39/3)


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 17 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.