Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති සිවුවැනි යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 126 පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. එම ජයග‍්‍රහණයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගවලිය 3-1 ක් ලෙස ජයගැනීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් කණ්ඩායම ඕවර 33.3 ක් අවසානයේ ලකුණු 117 කට සීමා කිරීමට රවීන් ද සිල්වා ප‍්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පා දඟ පන්දු යවන කී‍්‍රඩක රවීන්, නිලකුණු ඕවරයක් සමග ඕවර 3.3 ක් යවා ලකුණු 6 කට කඩුලූ 3 ක් බිඳහෙළීය. මඳ වේග පන්දු යවන කී‍්‍රඩක මතීෂ පතිරණ ලකුණු 8 කට කඩුලූ 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කිරීම සඳහා රවීන්ට අනගි සහායක් දුන්නේය.
එහිදී එංගලන්ත පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යාමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ.
ආරම්භක පිතිකරු ජෝජ් තෝමස් පන්දු 61 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක්ද, හැරී ක්‍රෝෂේ පන්දු 59 කදී හතරේ පහර 2 ක් සමහ ලකුණු 31 ක්ද රැස්කිරීමට සමත් වුවද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කී‍්‍රඩකයෝ ඕවර 50 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 243 ක් රැස්කළහ. එහිදී පවන් පතිරාජ (60) සහ රවීන් ද සිල්වා (59) අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ලකුණු 85 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 143 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සහ රවීන් සමත් වූහ.
පන්දු 104 කට මුහුණුදුන් පවන් හතරේ පහර 2 ක් සමග සිය අර්ධ ශතකය ලබාගත් අතර පන්දු 87 කදී වාර්තා වූ රවීන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. ආරම්භක පිතිකරුවන් වූ චමිඳු වික‍්‍රමසිංහ පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද, ෂෙවෝන් ඩැනියෙල් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 39 ක්ද රැුස්කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 243
(චමිඳු විකමසිංහ 19, ෂෙවෝන් ඩැනියෙල් 39, පවන් පතිරාජ 60, රවීන් ද සිල්වා 59, දුනිත් වෙල්ලාලගේ 15, යසිරු රොද්‍රිගූ නොදැවී 15, බෙන්ජමින් ක්ලිෆ් 43/3, නේතන් බර්න්වෙල් 39/2)
එංගලන්ත යොවුන් පිල - ඕවර 33.3 කදී සියලූ දෙනා දැවි 117
(ජෝජ් තෝමස් 40, හැරී ක්‍රෝෂේ 31, රවීන්ද ද සිල්වා 06/3, මතීෂ පතිරණ 08/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.