Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ පස්වැනි තරගයත් දිනති
විස්සයි-20 තරගාවලිය

ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ පස්වැනි තරගයත් දිනති

editorial - 2025 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව දඹුල්ලේදී අද (30 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත යොවුන් විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 5-0 ක තරගාවලි ජයක් හිමිකර ගත්හ. 

තරගාවලියට ඇතුළත් වූ එකම එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ලකුණු 180 ක දැවැන්ත ජයක් ලබාගත්හ. 

අද පැවැති අවසන් විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලබාගත්තේ ලකුණු 114 කි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 115 ක් ලබාගනිමින් තරගයෙන් පහසු ජයක් අත්කර ගත්හ. 

නායිකා මනුදි නානායක්කාර (නොදැවී 34) ප්‍රමුඛ මැද පෙළ පිතිකාරිණියෝ අපහසුවකින් තොරවම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවෝ, අසේනි තලගුණේ සහ චමෝදි ප්‍රබෝධා හමුවේ අමාරුවේ වැටුණහ. පළමු ඕවර 6 ඇතුළතදී, ලකුණු 27 කට කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් එතැනින් එක්වූ එමිලි පවෙල් (33) සහ ලුසී ෆින් (35) දෙදෙනා 14 වැනි ඕවරය වන විට කඩුලු 2 කට 80 ක් දක්වා ඕස්ටේ්‍රලියානු යොවුන් කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. එහෙත් එමිලි පවෙල් දැවී යාමත් සමගින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නැවතත් පසුපාදයට වැටුණහ. 


ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 114 යි
(එමිලි පවෙල් 33, ලුසී ෆින් 35, ඉන්දිරා පනෙලි නොදැවී 10, චමෝදි ප්‍රබෝධා 16/3)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ - ඕවර 17.3 කදී කඩුලු 4 ට 115 යි
(විමෝක්ෂා බාලසූරිය 12, හිරුණි හංසිකා 16, මනුදි නානායක්කාර නොදැවී 34, නෙතඟි ඉසුරාංජලී 14, ශශිනි ගිම්හානි නොදැවී 19, ශිලෝ ජූලියන් 20/2)


 - 213


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ පස්වැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.