Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ ලකුණු 25 ක පහසු ජයක් අත්කර ගත්හ. මොණරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලයේ චමෝදි ප්‍රබෝධා (16/3) සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ අසේනි තලගුණේ (25/3) පන්දුවෙන් දස්කම් දක්වමින් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
තරග 5 කින් සමන්විත යොවුන් විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ ඕවර 20 ක් නිමාවේදී කඩුලු 3 කට ලකුණු 133 ක් ලබාගත්හ. ලකුණු 134 ක ඉලක්කයක් කරා ගිය ඕස්ටේ්‍රලියානු යොවුන් කාන්තාවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 108 ක් පමණි.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. එහෙත් ඊට කදිම පිළිතුරක් දුන් සංජනා කාවින්දි (62) සහ විමෝක්ෂා බාලසූරිය (21) දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 88 ක් එක්කාසු කළහ. පන්දු 46 කින් ලකුණු 62 ක් ලබාගත් සංජනාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් අලංකාරවී තිබිණ.
සංජනාගේ දැවී යාමෙන් අනතුරුව විමෝක්ෂාට එක්වූ නායිකා මනුදි නානායක්කාර ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳී සිටිමින් පන්දු 19 කින් නොදැවී ලකුණු 28 ක් ලබාගත්තාය. මනුදිගේ ඉනිම අලංකාර හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.
වමතින් දඟ පන්දු යවන්නියක වුවද තවමත් 16 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ශ්‍රී ලංකා යොවුන් කාන්තාවන් වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කරමින් සිය තුන්වැනි පන්දුවේදීම කඩුල්ලක් දවාගත්තාය. ලකුණු 21 කට කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් ෂිලෝ ජූලියන් (28) සහ එමිලි පවෙල් (39) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් හොඳ සම්බන්ධතාවක් ගොඩනඟමන් ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිල නැවතත් තරගයට කැඳවාගෙන ආහ. එහෙත් ඒ වන විට තරගය ජයගැනීම සඳහා රඳවාගත යුතු ලකුණු වේගය 10.00 ක් ඉක්මවා තිබිණ.
මෙම පීඩනයත් සමගින් ලකුණු 26 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ වැටුණි. ශ්‍රී ලංකා යොවුන් කඩුලු රකින්නිය වන නෙතඟි ඉසුරාංජලී ස්ටම්ප් කිරීම් 4 ක් සාර්ථක කරගත් අතර රශ්මිකා සෙව්වන්දි උඩපන්දු තුනක් ම රැකගත්තාය.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩලු 3 ට 133 යි
(සංජනා කාවින්දි 62ථ විමෝක්ෂා බලසූරිය 21, මනුදි නානායක්කාර නොදැවී 28, ඇවා ඩූරි 23/2)
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ට 108 යි
(ෂිලෝ ජූලියන් 28, සමාරා දුල්වින් 11, එමිලි පවෙල් 39, ලුසී ෆින් 16, චමෝදි ප්‍රබෝධා 16/3, අසේනි තලගුණේ 25/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.