Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද අබුඩාබි සිට..)
පැතුම් නිස්සංකගේ සහ වනිඳු හසරංගගේ මංගල අර්ධ ශතක හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ අද (20 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 70 ජයක් ලැබීය. මෙම ජයග්‍රහණයත් සමග මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම සුපිරි 12 දෙනාගේ වටයේ ස්ථානයක් හිමිකර ගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව ශ්‍රි ලංකාව සහ නෙදර්ලන්තය අතර සිකුරාදා (22 වැනිදා) පැවැත්වෙන තරගය ජයගැනීමට නෙදර්ලන්තය සමත් වුවද, ඔවුන්ට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනිමට අවස්ථාවක් හිමි නොවනු ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමග ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසකම් ලබාගන්නා සෙසු කණ්ඩායම කවුදැයි යන්න හෙට අයර්ලන්තය සහ නැමීබියාව අතර පැවැත්වෙන තරගයේදී තීරණය වනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායම ඕවර 18.3 අවසානයේ ලකුණු 101 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී මෙන්ම මෙම තරගයේදීද විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ අයර්ලන්ත පිතිකරුවන් අසරණ කරමිනි. තීක්ෂණට අනගි සහායක් දුන් ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවාගත්හ.
ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී අයර්ලන්ත ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇන්ඩෘ බැල්බර්නි (41) සහ කර්ටිස් කැම්පර් (24) සමත් වූහ. එහෙත් තීක්ෂණගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කැම්පර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට ඉඩක් නොදුන් ශ්‍රි ලංකා පන්දු යවන්නෝ, ලකුණු 16 ක් තුළ අයර්ලන්ත ඉනිමේ අවසන් කඩුලු 7 ම උදුරාගත්හ.
කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩෘ බැල්බර්නිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 171 ක් ලබාගත්තේය. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ වනිඳු, පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 71 ක් රැස්කිරීමට සමත් විය. විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී පළමුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය සටහන් විය.
ලකුණු 8 කට කඩුලු 3 ක් බිඳවැටීමත් සමඟ අලුත් උපක්‍රමයක් අනුගමනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය, අංක 5 ස්ථානයේ පන්දුවට පහරදෙන භානුක රාජපක්ෂ තවදුරටත් ක්‍රීඩාගාරයේ රඳවාගනිමින් වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් දුන්නේය. එහිදී ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් වනිඳු, අයර්ලන්ත පන්දු රකින්නන් නරඹන්නන් බවට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනිමේ වේගය ඉහළ දැමුවේය.
ශ්‍රි ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (61) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වනිඳු, කඩාවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය. එහිදී ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පන්දු 47 කට මුහුණදුන් පැතුම් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර 18 වැනි ඕවරයේ 5 වැනි පන්දුව දක්වාම කඩුල්ලේ රැදී සිටියේය.
ශ්‍රී ලංකා ඉනිමේ 12 වැනි ඕවරයේදී ක්‍රෙග් යංගේ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක කඩුල්ල මුවාකළ බවට අයර්ලන්ත ක්‍රීඩකයන් ඉල්ලීමක් කළද, පිටියේ විනිසුරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පිටියේ විනිසුරුගේ තීරණයෙන් සෑහීමකට පත්නොවූ අයර්ලන්ත නායක ඇන්ඩෘ බැල්බර්නි එය විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදයට යොමුකිරීමට පියවර ගත්තද, පිටියේ විනිසුරුවරයාගේ තීරණය අවසාන තීරණයම විය.
අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව පිට කොන්දේ වේදනාවක් හේතුවෙන් තරමක් අපහසුවෙන් පන්දුවට පහරදුන් වනිඳු, මුලු ලකුණු සංඛාව 131 ක්ව තිබියදී මාක් අඩෙයර්ගේ පන්දුවක් හමුවේ ෂෝට් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රේග් යංග් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
කඩුල්ලෙන් පිටතට ඇදී ගිය පන්දුවකට පහරක් ගැසීමට යෑමේදී පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින්නාගේ දෑත් අතර සිරවීමත් සමග පැතුම්‍ගේ ඉනිමද නිමාවට පත්විය. එහෙත් ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් අවසන් ඕවර කිහිපයේදී පන්දු 11 කට මුහුණදුන් නායක දසුන් ශානක, එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 170 න් ඔබ්බට ගෙන ගියේය.
මුහුණ දුන් පළමු පන්දුවේදීම කුසල් පෙරේරා දැවීයෑමෙන් පන්දු 6 කට පසුව පිට පිට පන්දු 2 කදී දිනේෂ් චන්දිමාල් (6) සහ අවිෂ්ක ප්‍රනාන්දු (0) පිටියෙන් ඉවත් කළ ජොෂුවා ලිට්ල් ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දැමුවේය. කට් පහරක් ගැසීමට යෑමේදී පිත්තේ ඇතුළත දාරයේ වැදුණ පන්දුව කඩුල්ල මත පතිතවීම නිසා චන්දිමාල්ගේ ඉනිම නිමා වූ අතර අවිෂ්කට ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූයේ කඩුල්ල තුළට ඇදී ආ පන්දුවක් හමුවේ මුළුමුනින්ම පරාජයට පත්වීම හේතුවෙනි.
Malsha Thursday, 21 October 2021 06:06 AM
ශ්‍රී ලංකාවට ජය...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.