Last Update  :  2025-05-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේදී වි-20 තරග 5 ක්

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේදී වි-20 තරග 5 ක්

editorial - 2021 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි-20 තරග 5 කට සහභාගි වීමට නියමිතය. මෙම තරග පහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නගර වලදී පැවැත්වෙන අතර එහි අවසන් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ තුන්වැනි තරගය ගෝල්ඩ් කෝස්ට්හි මෙට්රිකොන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම ක්‍රීඩාංගණයේදී පළමු වරට අන්තර්ජාතිත ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2018 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිවය. වසර 2018 දී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මෙන්ම සමාප්ත උත්සවය පවත්වා ඇත්තේද මෙම ක්‍රීඩාංගණයේදීය.

අළු බඳුන තරගාවලියත් සමගින් පැවැත්වෙන 2022 ගිම්හාන ක්‍රිකට් සමයේ තරග කාලසටහන නිවේදනය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරගාවලියේ කාලසටහන
 
පෙබරවාරි 11    - 1 වැනි වි-20 තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරි 13    - 2 වන වි-20 තරගය  බි්‍රස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී
පෙබරවාරි 15    - 3 වැනි වි-20 තරගය ගෝල්ඩ් කෝස්ට්හි මෙට්රිකොන් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරි 18    - 4 වැනි වි-20 තරගය ඇඩිලේඩ් ඕවල් පිටියේදී
පෙබරවාරි 20    - 5 වැනි වි-20 තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේදී වි-20 තරග 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.