Last Update  :  2025-07-29 15:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වාසිය ඕස්ටේ‍්‍රලියාව අතට
අළු බඳුන

වාසිය ඕස්ටේ‍්‍රලියාව අතට

editorial - 2021 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ට‍්‍රැවිස් හෙඩ්ගේ (නොදැවී 112) ශතකයත්, ඩේවිඩ් වෝනර් (94) සහ මානස් ලැබුස්චේන්ගේ (74) අර්ධ ශතක හමුවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඕස්ටේ‍්‍රලියාව ලකුණු 343 ක් රැස්කරමින් තරගයේ වැඩි වාසී අත්කර ගැනීමට සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 196 ක් ඉදිරියෙන් සිටීමට  ඕස්ටේ‍්‍රලියාවට හැකිවිය.

පළමු දින වූ ඊයේ (8 වැනිදා) එංලන්ත ඉනිම අවසානයේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඔවුන් අද උදෑසන පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ට‍්‍රැවිස් හෙඩ් දිනය නිමාවන විට පන්දු 95 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 112 ක් රැුස්කරමින් කඩුල්ලේ රැඳී සිටියහ. ඔහුගේ අර්ධ ශතකය පන්දු 51 කදී වාර්තා වූ අතර ශතකයට වැයවූයේ තවත් පන්දු 34 ක් පමණී.

ශතකයට අත පොවන මානයේ සිටි ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු 94 ක් ලබාසිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු 176 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි වෝනර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.

ඩේවිඩ් වෝනර් ලකුණු 17 ක් ලබාසිටියදී දැවීගියද පුණරූපන නැරඹීමේදී බෙන් ස්ටෝක්ස් යවන ලද එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

වෝනර්ගේ දැවීයාමත් සමගින් පිටියට පිවිසි කැමරන් ග‍්‍රීන්ට මුහුණදීමට හැකිවූයේ එක් පන්දුවකට පමණි. ඔලී රොබින්සන් යැවූ පන්දුවක් කඩුලූ රකින්නා වෙත නිදහසේ යෑමට කැමරන් ග‍්‍රීන් ඉඩ ලබාදුන්නද පන්දුව කඩුල්ල වෙත දෝලනය වීම හේතුවෙන් ඔහුට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

තවත් අනගි අර්ධ ශතකයක් ලබාගත් මානස් ලැබුෂේන් ලකුණු 74 ක් රැස්කර සිටියදී ජැක් ලීච්ගේ පන්දුවක් හමුවේ මාක් වුඞ් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

පන්දු 117 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ලැබුෂේන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ඬේවිඞ් වෝනර් සහ මානස් ලැබුෂේන් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු ලකුණු 156 ක සම්බන්ධතාවයක්ද, ට‍්‍රැවිස් හෙඞ් සහ පැට් කමින්ස් එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට සමත්වූහ.

ඔලී රොබින්සන් ලකුණු 48 කට කඩුලූ 3 ක් ද, ක‍්‍රිස් වෝක්ස්, මාක් වුඞ්, ජැක් ලීස් සහ ජෝ රූට් අතර කඩුල්ල බැගින්ද බෙදී ගියහ.

හෙට (10 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

 

එංගලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 147
(හසීබ් හමීඩ් 25, ඔලී පොප් 35, ජොස් බට්ලර් 39, ක‍්‍රිස් වෝක්ස් 21, පැට් කමින්ස් 38/5, මිචෙල් ස්ටාක් 35/2, ජොෂ් හේසල්වුඩ් 42/2)
 
 ඕස්ටේ‍්‍රලියා පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 343
(ඩේවිඩ් වෝනර් 94, මානස් ලැබුෂේන් 74, ට‍්‍රැවිස් හෙඩ් නොදැවී 112, ඔලී රොබින්සන් 48/3)

- 2079


අදහස් (0)

වාසිය ඕස්ටේ‍්‍රලියාව අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.