Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මානස් ලැබුස්චේන්ගේ (63) සහ ස්ටීවන් ස්මිත්ගේ (නොදැවී 77) අගනා පිතිහරඹය හමුවේ නවසීලන්තයට එරෙහිව මෙල්බර්න්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (26 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටියේය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට ස්ටීවන් ස්මිත් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 77 ක්ද, ට්‍රැවීස් හෙඞ් හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා අතර ඕස්ට්‍රේලියානු ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 41 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජෝ බර්න්ස් (0) පිටියෙන් ඉවත් කිරීමට ටේරන්ට් බෝල්ට් සමත් වූවද, සෙසු ආරම්භක පිතිකරුවා වූ ඬේවිඞ් වෝනර් හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
වෝනර්ගේ දැවී යෑමෙන් අනතුරුව මානස් ලැබුස්චේන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 කද, මැතිව් වේඞ් (38) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 කද අගනා සම්බන්ධතා ගොඩනැගූ ස්ටීවන් ස්මිත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ලැබුස්චේන්ගේ 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර වේඩ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්ගේ පන්දු හමුවේය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 කට 257
(ඩේවිඩ් වෝනර් 41, මානස් ලැබුස්චේන් 63, ස්ටීවන් ස්මිත් නොදැවී 77, මැතිව් වේඞ් 38, ට්‍රැවීස් හෙඞ් නොදැවී 25, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.