Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හදිසියේම ආරම්භක පිතිකරුවාගේ කාර්යය බාරගත් විරාට් කෝලි (නොදැවී 80) සහ රෝහිත් ෂර්මාගේ (64) පිතිහරඹය නිසා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පස්වැනි වි-20 තරගයේදී ලකුණු 36 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. මෙම ජයත් සමගින් විස්සයි20 තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.
කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර කෝලි සහ රෝහිත් දෙදෙනාගේ පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසානයේදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 224 ක් රැස්කිරීමට ඉන්දියාව සමත්විය. විරාට් කෝලී ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 80 ක් ලබාගත්තේය. පන්දු 52 කට මුහුණදුන් කෝලීගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් අලංකාර විය.
රෝහිත් ෂර්මා පන්දු 34 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නේය. සූර්යකුමාර් යාදව් පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක් සහ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් ලබාගනිමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායක වුහ.
පළමු කඩුල්ල සඳහා රෝහිත් ෂර්මා සමගින් එක්ව පන්දු 54 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් පැවැත්වූ විරාට් කෝලී, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 49 ක සම්බන්ධතාවයක්ද පසුව හර්දික් පාණ්ඩ්‍යා සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 40 කදී ලකුණු 81 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැංවීය.
ඕවර 20 යැවීම සඳහා එංගලන්ත නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු භාවිතා කළ අතර ඔව්හු සියලුදෙනාම ඉන්දීය පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණි.
ආරම්භක පිතිකරු ජේසන් රෝයි පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන් දැවී ගියද ජොස් බට්ලර් සහ ඩේවිඩ් මැලන් අර්ධ ශතක ලබාගනිමින් ජයග්‍රාහි ඉලක්කයට යාමේ මං හෙළි පෙහෙළි කරන්නට වූහ. මැලන් දැවීයාමත් සමගින් සෙසු පිතිකරුවන්ගේ සහාය නොලැබීම නිසා අපේක්‍ෂිත ඉලක්කය කරා යාමට එංගලන්තයට නොහැකි විය.
ජොස් බට්ලර් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 52 ක් සහ ඩේවිඩ් මැලන් පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක්ද ලබාගැනීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 75 කදී පැවැත්වූ සම්බන්ධතාව ලකුණු 130 කි.
ෂර්දුල් ඨාකූර් සිය ඕවර 4 තුලදී දැඩි ප්‍රහාරයකට ලක්වෙමින් ලකුණු 45 ක් ලබාදුන්නද එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. බුවනේෂ්වර් කුමාර් සිය ඕවර 4 ලකුණු 15 කට සීමාකරමින් ජේසන් රෝයි සහ ජොස් බට්ලර් දවාගැනීමට සමත්වීමත් සමග තරගයේ වාසිය ඉන්දීය පිල වෙත නැඹුරු විය.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බුව්නේෂ්වර් කුමාර් සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස විරාට් කෝලී සම්මාන දිනාගත්තේය.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 224
(රෝහිත් ෂර්මා 64, විරාට් කෝලී නොදැවී 80, සූර්යකුමාර් යාදව් 32, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 39)
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 188
(ජොස් බට්ලර් 52, ඩේවිඩ් මාලන් 68, ෂර්දුල් ඨාකූර් 45/3, බුව්නේෂ්වර් කුමාර් 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.