Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 47 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංගිස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අබුඩාබිහිදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 12 කට සහභාගි වී ඇති රාජස්ථාන් කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්යක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශිවම් ඩූබේ පන්දු 43 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
යශස්වි ජයිස්වාල් (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩූබේ සමත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ ජයිස්වාල්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. නායක සංජු සැම්සන් පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා සිය දායකත්වයට සැපයීය.
ජයිස්වාල් සහ එවින් ලුවිස් (27) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 77 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. එහිදී පන්දු 12 කට මුහුණදුන් ලුවිස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශතකයක් (නොදැවී 101) ලබාගැනීමට ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාද් සමත් විය. එය මෙවර අයි.පී.එල්. තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් සිව්වැනි ශතකය වූ අතර ඒ සඳහා ඔහුට පන්දු 60 ක් වැය විය. රාජස්ථාන් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහරදුන් රුතුරාජ්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
ෆෆ් ඩුප්ලෙසි පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, මුයින් අලී පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කළ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 15 කට මුහුණදුන් රවින්ද්‍ර ජදේජා එහිදී නොදැවී වේගවත් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 189
(රුතුරාජ් ගයික්වාද් නොදැවී 101, ෆෆ් ඩුප්ලෙසී 25, මුයින් අලී 21, රවින්ද්‍ර ජදේජා නොදැවී 32, රාහුල් තේවතියා 39/3)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 17.3 කදී කඩුලු 3 කට 190
(එවින් ලුවිස් 27, යශස්වි ජයිස්වාල් 50, සංජු සැම්සන් 28, ශිවම් ඩූබේ නොදැවී 64, ග්ලේන් පිලිප්ස් නොදැවී 14, ශර්ධුල් ඨාකූර් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.