Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රාජකීයයෝ දෙදෙනා රාජකීය ජයක් ගෙනෙති

රාජකීයයෝ දෙදෙනා රාජකීය ජයක් ගෙනෙති

editorial - 2021 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව තමන් ඉදිරියෙන් පසුවන්නේ කිමද යන්න කදිමට පෙන්වා දුන් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ  ඕමානයට එරෙහිව අද (9 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලූ 5 ක විශිෂ්ට ජයක් වාර්තා කළහ. එය විශිෂ්ට ජයක් වන්නේ  ඕවර 10 කදී ලකුණු 89 කට කඩුලූ 5 ක් අහිමිව අතිශය අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටි නමුත් එයින් මිදී තවත් කඩුලූ නොදීම තරගය ජයග‍්‍රහණයෙන් අවසන් කළ බැවිනි.

රාජකීයයන් දෙදෙනකු වන භානුක රාජපක්‍ෂ (නොදැවී 35) සහ චාමික කරුණාරත්න (නොදැවී 35)  ඕවර 7 කදී ලකුණු 74 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණයේ ආහ්ලාදය රැගෙන ආහ. චාමික කරුණාරත්න තරගය අවසන් කළේ කලීමුල්ලාගේ පන්දුවක් හමුවේ ඞීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් ගැසූ අලංකාර හයේ පහරකිනි.

චොකලට් කෑමේ රුසියකු වන භානුක රාජපක්‍ෂ පන්දු 21 කට මුහුණ දෙමින් එයින් දෙකක් හයේ පහර බවට පරිවර්තනය කළේය. ශී‍්‍ර ලංකාවේ බැඩ්මින්ටන් පවුලේ බාලම සහෝදරයා වන චාමික පන්දු 26 කට මුහුණ දෙමින් ඒවායින් 3 ක් නරඹන්නන් අතරට යැවීය.

මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 2-0 ක ජයක් ශී‍්‍ර ලංකාවට හිමිවිය. මෙම වසර ඇතුළතදී ශී‍්‍ර ලංකා පිතිකරුවෝ ලකුණු 160 පසුකළ වි-20 තරග තුනම ජයගෙන තිබේ.

 ඕවර 20 ක් පුරා ලකුණු 8.00 ක වේගයක් රඳවාගැනීමේ පීඩනයට පත්ව සිටි ශී‍්‍ර ලංකා පිලට චන්දිමාල්ගෙන් හොඳ ආරම්භයක් ලැබුණ නමුත් පමණට වඩා කලබල වීම හේතුවෙන් චන්දිමාල් සිය කඩුල්ල අහිමි කරගත්තේය. එහෙත් අංක 4 ස්ථානයට ආදේශ කළ අවිශ්ක ප‍්‍රනාන්දු සහ පැතුම් නිස්සංක වැඩි කලබලයකින් තොරව ශී‍්‍ර ලංකා පිලේ ලකුණු වේගය අපේක්‍ෂිත සීමාවේ රඳවා තැබූහ.

11 වැනි  ඕවරය යැවූ මොහොමඞ් නඞීම් එහිදී ලකුණු නොදීම අවිශ්ක සහ නායක දසුන් ශානක ආපසු කී‍්‍රඩාගාරයට යැවූවද රාජපක්‍ෂ සහ කරුණාරත්න එතැන් සිට තරගයේ ග‍්‍රහණය සියතට ගත්හ.

රැකගත හැකිව තිබූ උඩපන්දු කිහිපයක් ගිළිහී යාමත්, අකිබ් ඉල්යාස්ගේ මනස්කාන්ත පිතිහරඹයත් නිසා නියමිත  ඕවර 20 නිමාවේදී  ඕමාන පිතිකරුවෝ කඩුලූ 8 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්හ.

ප‍්‍රහාරාත්මක  ඕවර ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය නමුත් එම  ඕවර 6 නිමාවන විට  ඕමාන පිතිකරුවෝ ලකුණු 44 ක් ලබා සිටියහ. මහීෂ් තීක්‍ෂණගේ පළමු  ඕවරයේදීම ලකුණු 13 ක් උදුරාගනිමින් ගත් ආරම්භය නතර නොකළ අකිබ් ඉල්යාස් (59) සහ ආයන් ඛාන් (20) ශී‍්‍ර ලංකා පිලේ ඉදිරිපෙළ පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන්හ.

මහීෂ් තීක්‍ෂණගේ පළමු ඔවර 2 න් ලකුණු 18 ක් උදුරාගත් නමුත් තීක්‍ෂණ සිය  ඕවර 4 ලකුණු 24 කට නවතා ගත්තේය. එහෙත් අකිල ධනංජයගේ  ඕවර 3 කදී ලකුණු ලබාගැනීම සටහන් වූයේ 13 - 5 - 17 ක් ලෙසිනි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 59 ක් එක්කළ ඉල්යාස් සහ ආයන් ඛාන් දෙදෙනා 16 වැනි  ඕවරය නිමා වන විට මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 3 කට 129 ක් තරම ඉහළ දැමූහ. ඉනිමේ අවසන්  ඕවර 4 ට මුහුණ දීමට  ඕමානයට කඩුලූ 7 ක් ඉතිරි වී තිබිණ. එහෙත් ළහිරු කුමාරගේ ආගමනයත් සමගින් පන්දු 7 කදී කඩුලූ 4 ක් බිඳ වැටිණ.

මෙම අනපේක්‍ෂිත කඩාවැටීම හේතුවෙන් අවසන්  ඕවර 20 නිමාවේදී  ඕමානයට ලබාගත හැකිවූයේ ලකුණු 159 ක් පමණි. එහෙත් අවසන්  ඕවර 4 දීත් ඔව්හු ලකුණු 30 ක් ලබාගත්හ.

චාමික කරුණාරත්න...


අදහස් (1)

රාජකීයයෝ දෙදෙනා රාජකීය ජයක් ගෙනෙති
  • Sandun Gallage Sunday, 10 October 2021 11:06 AM

    පරදිනකොටත් මේ විදියටම දාන්න.. "රාජකීයන් දෙදෙනෙක් නිසා රාජකීය පරජයක්" එකම රට..ජාති විදියට...ආගම් විදියට...පළාත් විදියට..දැන් පාසල් විදියට.. මොකක්ද මේ රට.. ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.