Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International යොවුන් පිල පාකිස්තානයේ සංචාරයක

යොවුන් පිල පාකිස්තානයේ සංචාරයක

යොහාන් භාසුර - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිල ලබන වසර (2020) මුල පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම්කර තිබේ.

දකුණු අප්‍රිකාවේදී ලබන ජනවාරි මස 10 වැනිදා සිට පෙරවාරි මස 10 වැනිදා දක්වා පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල පාකිස්තානු සංචාරයට සහභාගි වීමට නියමිතය.

ජාතික ක්‍රිකට් කණ්ඩායම ද පසුගියදා පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වූ අතර ඉදිරියේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට සූදානමින් සිටියි.  ලංකා යොවුන් ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගාවලියකට ලබන ජූනි සහ ජූලි මාසවලදී සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ලබන වසර අවසානයේ ඉන්දීය සංචාරයකට ද සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ලබන වසරේ ආසියානු වයස 19 න් පහළ ක්‍රිකට් ශූරතාවලියට ද සහභාගි වීමට නියමිතය.  

 


අදහස් (0)

යොවුන් පිල පාකිස්තානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.