Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කරමින් පැවති තරගයෙන් ඕමානය පරදා ලකුණු 2 ක ජයක් වාර්තා කළ ඉන්දියාව සිය අපරාජිකත්වය මූලික වටයේදී ආරක්ෂා කරගැනීමට සමත්විය. මෙම තරගය අද(19දා) අබුඩාබි හිදී පැවැත්විණී. ඉන්දියාවෙන් ලැබුණු ලකුණු 188 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඕමානයට පන්දුවාර 20කදී කඩුළු 4 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුනු 167 ක් පමණි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 8 ක් දැවී ලකුනු 188 ක් රැස් කලේය. අභිෂේක් ෂර්මා වේගවත්ව පන්දු 15 කින් ලකුණු 38 ක් රැස් කරගනිද්දී සංජු සැම්සන් ඉවසිලිමත්ව ලකුණු 56 ක් රැස් කලේය.
ඉන්දියාව ඕවර 20 කදී කඩුළු 8 ක් දැවී ලකුණු 188
සංජු සැම්සන් 56,අභිෂේක් ෂර්මා 38, තිලක් වර්මා 29, ෂා ෆයිසාල් 2/23,ආමීර් ඛලීම් 2/31,
ඕමානය ඕවර 20 කදී කඩුළු 4 ක් දැවී ලකුණු 167
ආමීර් ඛලීම් 64, හමාඩ් මීර්සා 51, ජතින්දර් සිං 32, කුල්දීප් යාදව් 1/23, හර්ෂිට් රානා 1/25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.