Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මුම්බායි කඩයිම් වටයෙන් ඉවතට

මුම්බායි කඩයිම් වටයෙන් ඉවතට

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉෂාන් කිෂාන්ගේ (84) සහ සූර්යකුමාර් යාදව්ගේ (82) ප්‍රවේගකාරී පිතිහරඹයන් හමුවේ අබුඩාබීහිදී අද (8 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 55 වැනි තරගය ලකුණු 42 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය. නමුත් ඔවුන්ට කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල සම ප්‍රසාද ලකුණු (14) ලබාගත්තද ශූද්ධ ලකුණු වේගය මත කොල්කටා පිල සිව්වැනි ස්ථානය ලබාගනිමින් කඩයිම් වටයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 193 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ ජේසන් රෝයි සහ අභිෂේක් ෂර්මා පන්දු 32 කදී ලකුණු 64 ක් රැස්කරමින් පළමු කඩුල්ල සඳහා සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ජේසන් රෝයි පන්දු 21 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළ අතර අභිෂේක් ෂර්මා පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය.

ඉන්පසු නායක මනිෂ් පාන්ඬේ පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කළද හයිද්‍රාබාද් පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. ප්‍රියම් ගාර්ග් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 29 ක් ලබාගත්තේය.

ජේම්ස් නීෂාම්, ජස්ප්‍රීට් බුම්රා සහ නේතන් කූල්ටර් නයින් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 235 ක් රැස්කිරීමට සමත්විය.

මුම්බායි ඉන්දියන්ස් පිල අයි.පී.එල්. තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කිරීමට අද සමත්විය.

රෝහිත් ෂර්මා සමගින් ඉනිම ආරම්භ කළ ඉෂාන් කිෂාන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 32 කදී ලකුණු 84 ක් ලබාගත් අතර ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය. මෙවර අයි.පී.එල් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය ඉෂාන් කිෂාන්ගේ පිත්තෙන් පන්දු 16 කදී වාර්තා විය.

අනෙක් පිතිකරුවන් අසාර්ථක වනවිට තවත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ සූර්යකුමාර් යාදව් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 82 ක් ලබාගත්තේය.

ජේසන් හෝල්ඩර් කඩුලු 4 ක් ද අභිෂේක් ෂර්මා සහ රෂීඞ් ඛාන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

අවසන් කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් මෙම තරගයේදී පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 170 ක පමණ දැවැන්ත ලකුණු පරතයකින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජයට පත්කළ යුතුව ඇත.

 

මුම්බායි ඉන්දියන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 235
(ඉෂාන් කිෂාන් 84, සූර්යකුමාර් යාදව් 82, අභිෂේක් ෂර්මා 4/2, රෂීඞ් ඛාන් 40/2, ජේසන් හෝල්ඩර් 52/4)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 193
(ජේසන් රෝයි 34, අභිෂේක් ෂර්මා 33, මනිෂ් පාන්ඬේ නොදැවී 69, ප්‍රියම් ගාර්ග් 29, ජේම්ස් නීෂාම් 28/2, ජස්ප්‍රීට් බුම්රා 39/2, නේතන් කූල්ටර් නයින් 40/2)

- 2079

 


අදහස් (0)

මුම්බායි කඩයිම් වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.