Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මිස්බා - වකාර් දෙන්නා මාව විනාශ කළා

මිස්බා - වකාර් දෙන්නා මාව විනාශ කළා

editorial - 2020 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට ගත් තීරණයට පාකිස්තාන කණ්ඩායම් කළමනාකාරිත්වය වගකිව යුතු බව කියන මොහොමඞ් අමීර්, පුහුණුකරු මිස්බා උල් හක් සහ පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කළ බවට චෝදනා කරයි. තමන්ගේ නිල යූ-ටියුබ් නාළිකාව අමතමින් මොහොමඞ් අමීර් තමන්ගේ ගැටළුව සම්බන්ධයෙන් මිස්බා සහ යුනිස් දෙදෙනාට චෝදනා කළේය.

“මට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැති බවත් මුදල් ඉපැයීම සඳහා විස්සයි 20 ලීගවල ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවත් පවසමින් මිනිසුන්ගේ මනසට සෙමෙන් සෙමෙන් වැරදි අදහස් ඇතුළත් කිරීමට මේ අය උත්සාහ කරනවා. මා වෙනුවෙන් සියලු ආයෝජන කර තිබියදීත් මම කණ්ඩායම අතහැර දැමූ බවට ඔවුන් කතන්දර හැදුවා.” යැයි අමීර් පැවසීය.

“ඔවුන් මගේ ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ කළා”

“යමෙකුගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා. එය මට ඉතා අසීරු තීරණයක්. නමුත් මම හිතන්නේ මා තවදුරටත් නිශ්ශබ්දව නොසිටිය යුතු කාලය ඇවිල්ලා. මෙම තීරණය ගැනීමට හේතුවත්, සිදුවන්නේ කුමක්ද යන්න ජනතාවට දැනුම් දීමටත් මම හිතා ගත්තා” යයිද අමීර් පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සීමිත ඕවර ආකෘති දෙක සඳහා තමා ඉදිරිපත් වී ඇති නමුත් පසුගිය වසරේදී වර්තමාන කළමනාකාරිත්වය භාරගත් දා සිට ඔවුන් තමන්ව නොසලකා හැර ඇති බව අමීර් පැවසීය.

“නිසැකවම ඔවුන් නවසීලන්තය සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයට පවා මාව තෝරා නොගැනීම ගැන මට ලොකු වේදනාවක් දැනුණා. මම ලීග් ක්‍රීඩා කිරීම ගැන පමණක් සැලකිලිමත් වූවා නම් නවසීලන්ත සංචාරයෙන් ඉවත් වීම ගැන මට නරක හැඟීමක් දැනෙන්නේ නැත. ඒ වගේම මම ඒකට ප්‍රතිචාර දක්වන්නෙත් නෑ.

වර්තමාන කණ්ඩායම් කළමනාකාරිත්වයේ ඇති ලොකුම ගැටලුව වන්නේ ඔහු පසෙකට දමා ඇති සෑම අවස්ථාවකම ඔහු ඒ පිළිබඳව දැනගන්නේ සමාජ මාධ්‍ය හරහා වීමය.

“ඔවුන් මට විරුද්ධව පෞද්ගලිකව කිසිවක් නැතැයි කියනවා, නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඔවුන් මාව අතහැර දැමූ බව හෝ ඔවුන්ගේ සැලසුම් වල මා සිටිනවාදැයි කෙලින්ම පැවසීමට ඔවුන්ට ආචාරශීලිත්වයක් නෑ. ඒ දේවල් සිදු වන්නේ එහෙමයි”

පසුගිය වසරේ සිට කළමනාකාරිත්වයෙන් තමාට එරෙහිව ඇසෙන අසුබ කතන්දර තනිවම ඉවසා සිටින බව අමීර් පැවසීය.

“ඔවුන් කතා කරන්නේ කුමන දස්කම් ගැනද... මම ආපසු පැමිණි පසු පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා. ආසියානු කුසලාන හා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී හොඳින් පන්දු යැව්වා. උරහිසේ ආබාධයක් තියාගෙන පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වුනා.

“මම තවමත් අයි.සී.සී පන්දු යවන්නන්ගේ ශේණිගත කිරීම්වල සිටිනවා. මම ලීග් තරගවල දක්ෂතා දක්වලා තියෙනවා. මට තවත් මොනවද කරන්න ඕනේ? ”අමීර් පැවසීය.

2010 දී සිදු වූ තරග පාවාදීමේ චෝදනාවට තමා සම්බන්ධ බව සිහිපත් කරමින් එම අතපසුවීමට මම වන්දි ගෙව්වා යනුවෙන් පැවසූ අමීර් ද ඔහුගේ විවේචකයන්ට පහර දුන්නේය.

“ඔව්, මම එය දන්නවා. මගේ ක්‍රියාව ගැන මම සියලු දෙනාගෙන් සමාව අයැද සිටිනවා. මගේ ක්‍රියාවේ ප්‍රතිවිපාකවලටද මම මුහුණ දුන්නා. නමුත් මම දුර්වල නැහැ. මම ආපසු පැමිණ සෑම කෙනෙකුටම මුහුණ දුන් අතර මම උත්සාහ කළේ පාකිස්තානය වෙනුවෙන් මගේ උපරිමය කිරීමටයි, ”ඔහු පැවසීය.

පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරනවා වෙනුවට ලීගවලට ක්‍රීඩා කිරීමට මා කැමති බව කවදා හරි කිව්වද? නමුත් කිසිවකු ජාතික කණ්ඩායමට තෝරා නොගන්නා විට ලීගවලට ක්‍රීඩා කිරීම හැට මගේ දස්කම් ඔප්පු කිරීම හැර වෙන කුමක් කළ හැකිද? යනුවෙන් පාකිස්තානු වේගපන්දු යවන්නා පැවසීය.

දැනට පවතින කළමනාකරණය හෝ පද්ධතිය සමඟ ක්‍රීඩා කිරීමට නොහැකි බව අමීර් පැහැදිලි කළේය.

“මට මගේ ආත්ම ගෞරවය ඇති අතර මට ඒ ගැන සම්මුතියක් ඇති කරගන්න බෑ. ගෞරවය දීලා ඕනෑ ගෞරවය ලබාගන්න... මා ඒබ ව විශ්වාස කරනවා” යැයි පැවසූ වමත් වේග පන්දු යවන්නා යූ ටියුබ් නාලිකාවෙන් සමුගත්තේය.

- 2079 


අදහස් (0)

මිස්බා - වකාර් දෙන්නා මාව විනාශ කළා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.