Last Update  :  2025-10-31 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මැලේසියාව හා සටනට 19 න් පහළ පිලක්
කාන්තා ක්‍රිකට්

මැලේසියාව හා සටනට 19 න් පහළ පිලක්

editorial - 2025 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා විශිෂ්ට තීරණයක් ගෙන තිබෙන කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව, මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායමට එරෙහිව තරග කිරීම සඳහා 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමක් කැඳවා තිබේ. මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායම අතර විස්සයි-20 තරග 5 ක් පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙසින් යළිත් වතාවක් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ මනුදි නානායක්කාර තෝරාගනු ලැබ තිබේ. මනුදි මෙන්ම කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් 15 දෙනාම පාසල් ක්‍රීඩිකාවෝ වෙති. ඔවුන් අතර සිටින ලිමංසා තිලකරත්න මෙල්බර්න් නුවර බේකන් හිල්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය. ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ටී.එම්. ඩිල්ෂාන් මහතාගේ දියණියයි. 

ඕස්ටේ්‍රලියානු පුරවැසිභාවය තිබෙන නමුත් ව්‍යාපාරික අවශ්‍යතා හේතුවෙන් ලිමංසා සහ ඇයගේ මව, ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිති. ලිමංසා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනුම ලබන බැවින් ඇය මෙල්බර්න් නුවර බේකන් හිල්ස් විද්‍යාලයේ අධ්‍යාපන පාඨමාලාවන්ට අන්තර්ජාලය ඔස්සේ සහභාගි වන්නීය. 19 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩා කරන නමුත් ඇය තවමත් 17 හැවිරිදි ක්‍රීඩිකාවකි. 

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම දඟ පන්දු යවන්නියන්ගෙන් පිරී තිබේ. 
ලිමංසා තිලකරත්න සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ අසේනි තලගුණේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සිටින දකුණත් පා දඟ පන්දු යවන්නියෝ දෙදෙනා වෙති. අම්පාර උහන ජාතික පාසලේ ප්‍රමුදි මෙත්සරා පිට දඟ පන්දු යවන්නියක් වන අතර රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ශෂිනි ගිම්හානි වමතින් චයිනමන් පන්දු යවන්නියකි. මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ චමුදි ප්‍රබෝධාත් වමතින් දඟ පන්දු යවන්නියක වන අතර මාතර අනුර විද්‍යාලයේ රිස්මි සංජනාත් අවස්ථානුකූලව පිට දඟ පන්දු යවන්නියකි. 

මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායම අතර විස්සයි-20 තරග 5 ක් නොවැම්බර් මස 2, 3, 5, 7 සහ 10 දිනවලදී පැවැත්වෙයි. තරග සියල්ලම කොළඹ එන්.සී.සි. පිටියේදී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවත්වේ. 


ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම 
මනුදි නානායක්කාර (නායිකාව - වේල්ස් කුමරි විදුහල, මොරටුව), සංජනා කාවින්දි -(දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), විමෝක්ෂා බාලසූරිය (සිංහල මහ විද්‍යාලය, ත්‍රිකුණාමලය), හිරුණි හංසිකා -(දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), නෙතංගි ඉසුරාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), රශ්මිකා සෙව්වන්දි -(අනුර විද්‍යාලය, මාතර), ශෂිනි ගිම්හානි -(දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), අසේනි තලගුණේ -(මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර), ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික විද්‍යාලය, අම්පාර) දනෝද්‍යා සෙව්මිණි -(ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම), චමුදි ප්‍රබෝධා (-පඤ්ඤානන්ද ජාතික පාසල, මොනරාගල), ලිමංසා තිලකරත්න (බේකන්හිල්ස් විද්‍යාලය - මෙල්බර්න්), රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), රිස්මි සංජනා (අනුර විද්‍යාලය, මාතර) සහ මිතාලි අයෝධ්‍යා - (රජඇල මහා විද්‍යාලය, කන්තලේ)

 


අදහස් (0)

මැලේසියාව හා සටනට 19 න් පහළ පිලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.