Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර එකහමාරකට පමණ පසුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් අද (23 වැනිදා) නැවතත් එක්දින අන්තර්ජාතික තරග බිමට පිවිස සිටී. එංගලන්තය සහ ඉන්දියාව අතර පූනේහිදී අද පැවැත්වෙන එක්දින තරගයේදී ස්ටෝක්ස් එංගලන්ත පිලට ඇතුළත්ව සිටී.
අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා වූ ස්ටෝක්ස්ගේ අවසන් එක්දින තරගය වූයේ 2019 ජූලි මාසයේදී, එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයයි. ඔහු එහිදී තරගයේ වීරයා බවට පත්විය.
ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් තරග 19 කට සහ විස්සයි20 තරග 11 කට ක්‍රීඩා කළ ස්ටෝක්ස්, එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා නොකළේය. එම ටෙස්ට් තරග 19 දී ශතක 4 ක් සහ අර්ධ ශතක 7 ක් ලකුණු 1479 ක් රැස්කළ ඔහු, විස්සයි20 තරග 11 දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 210 කි.
ලෝක කුසලාන අවසන් මහ තරගයේදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ස්ටෝක්ස් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම කළේය. අනතුරුව පැවැති සුපිරි ඕවරයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙක ලබා සිටි හයේ සහ හතරේ පහර සංඛ්‍යාවන්ගේ එකතුව අනුව නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තයට හැකි විය.
ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම එක්දින තරග 9 කට සහභාගි වූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග 3 ක් කොරෝනා වසංගතය හේතුවෙන් අත්හැර දැමීමටද සිදුවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.