Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශතවර්ශයකට අධික කාලයක් තිස්සේ ලෝ ප්‍රකට ක්‍රිකට් ප්‍රකාශනයක් වන ‘විස්ඩන්’ ක්‍රිකට් සඟරාව විසින් දශකයේ විස්සයි20 කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇති අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග ඇතුළත් වී සිටී. මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයෝ 11 දෙනා රටවල් කිහිපයක් නියෝජනය කරති.
මෙම කණ්ඩායම තෝරාගනු ලැබ ඇත්තේ 2010 ජනවාරි මාසයේ සිට 2019 දෙසැම්බර් මාසය දක්වා සිටි ක්‍රීඩකයන් සැලකිල්ලට ගැනීමෙනි.
ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි-20 කණ්ඩායමේත් නායකයා වන ඒරන් ෆින්ච් දශකයේ කණ්ඩායමේ නායකයා ලෙසද නම් කර තිබේ. ඔහුගේ සහාය ආරම්භක පිතිකරුවා වනුයේ නවසීලන්තයේ කොලින් මුන්රෝය. නවසීලන්ත පිලේ දීප්තිමත් තරුවක් වන මුන්රෝ මෙම සුවිශේෂී භූමිකාව තුළ කැපී පෙනෙයි.
විස්සයි20 ක්‍රිකට් පිතිකරුවන් අතර ආධිපත්‍යය හිමි ඉන්දීය නායක විරාට් කෝලි අංක 3 ස්ථානයෙන් ඉවත්ව යන අතර ඕස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් එම ස්ථානය හිමිකර ගනු ලබයි. කෝලිට අංක 4 හිමිවී තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ග්ලෙන් මැක්ස්වෙල් මෙම කණ්ඩායමේ අංක 5 ස්ථානය හිමිකර ගෙන ඇති අතර පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමේදීද පිටියේදී ඔහු විශාල යමක් කරයි.
එංගලන්ත පිලේ කඩුලු රකින්නා වන ජොස් බට්ලර්, සීමිත ඕවර ක්‍රීඩාව සඳහා එංගලන්තයෙන් බිහිවූ හොඳම කඩුලු රකින්නා වන බැවින් ඔහුට කඩුලු රැකිමේ අත්වැසුම් හිමිවී තිබේ. තරගයක් ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි කණ්ඩායමේ සිටින අවසන් පිතිකරුවා ඔහු වනු ඇත.
ඇෆ්ගනිස්ථානයෙන් බිහිවූ මොහොමඞ් නබි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අතර ඬේවිඞ් විලී, රෂීඞ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා සහ ලසිත් මාලිංග පන්දු යවන්නෝ වෙති. විස්සයි20 ආකෘතියට විශේෂඥයකු වන ලසිත් මාලිංග සහ ඔහුගේ සහයක ආරම්භක පන්දු යවන්නා ලෙස ජස්ප්‍රිත් බුම්රා තෝරා ගෙන ඇත.
බුම්රා සහ මාලිංග යන දෙදෙනාටම නව පන්දුව සමඟ කඩුලු ලබා ගැනීමේ හැකියාව ඇති අතර අවසන් ඕවර වලදී පිතිකරුවන්ගේ බලාපොරොත්තු සුණුවිසුනු කිරීමේ හැකියාවද මේ දෙදෙනාටම ඇත.
දශකයේ විස්සයි20 කණ්ඩායම
ඒරන් ෆින්ච් (නායක), කොලින් මුන්රෝ, විරාට් කෝලී, ෂේන් වොට්සන්, ග්ලෙන් මැක්වෙල්, ජොස් බට්ලර්, මොහොමඞ් නබී, ඬේවිඞ් විලී, රෂීඞ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා, ලසිත් මාලිංග.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.