
(රොෂාන් ගුණරත්න)
අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගනිමින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කැන්ඩි වොරියර්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි වොරියර්ස් පිල ඕවර 19.2 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
අර්ධ ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය රවී බොපාරා පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 59 ක් ලබාගත්තේය. බොපාරාට අනගි සහයක් ලබාදුන් නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 22 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් ලබාගැනීමට සමත් වූ අතර ආරම්භක පිතිකරු කෙනාර් ලුවිස් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබාගත්තේය.
සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගැනීමට ඉම්රාන් තහීර් සමත්වූ අතර රමේෂ් මෙන්ඩිස්ද සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130 ක් පමණි.
ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට මැද පෙළ පිතිකරුවන් වූ සචිත ජයතිලක පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් ලබාගැනීමට සමත්විය.
සචිත ජයතිලක සහ රමේෂ් මෙන්ඩිස් එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල ජයන්ට්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නායක දසුන් ශානකට ලකුණු 4 ක් ලබා සිටියදී ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය.
තරගය ආරම්භයේ සිට පිතිකරුවන් මෙල්ල කරමින් පන්දු යැවූ බිනුර ප්‍රනාන්දු සහ අල් අමීන් හුසේන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තරගයේ වීරයාට හිමි සම්මානය රවී බොපාරා විසින් දිනාගත්තේය.
දඹුල්ල ජයන්ට්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 130
(සචිත ජයතිලක 34, රමේෂ් මෙන්ඩිස් 41, බිනුර ප්‍රනාන්දු 22/3, අල් අමීන් හුසේන් 32/3)
කැන්ඩි වොරියර්ස් - ඕවර 19.2 කදී කඩුලු 4 ක් දැවී 135
(කෙනාර් ලුවිස් 27, රවී බොපාරා නොදැවී 59, ඇන්ජලෝ පෙරේරා නොදැවී 29, ඉම්රාන් තහීර් 17/2, රමේෂ් මෙන්ඩිස් 19/2)







ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.