Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මූලික වටයේ තවත් තරග 10 ක් ඉතිරිව තිබියදීම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ ස්ථාන වෙන්කරවා ගැනීමට කණ්ඩායම් 3 ක් සමත්ව සිටියි. මේ වන විට කණ්ඩායම් 4 ක් තරගාවලියෙන් ඉවතට විසිවී ඇති බැවින් අවසන් වටයට සුදුසුකම් ලබන සිවුවැනි කණ්ඩායම බවට පත්වීම සඳහා සෙසු කණ්ඩායම් 3 අතර ඉතා තියුණු සටනක් නිර්මාණය වී තිබේ.
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු සහ පන්ජාබ් කින්ග්ස් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබා සිටින අතර චෙන්නායි සුපර් කින්ග්ස්, රාජස්ථාන් රෝයල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට්රයිඩර්ස් යන කණ්ඩායම් මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී තිබේ.
ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබන සිවුවැනි කණ්ඩායම බවට පත්වීම සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් (ලකුණු 14), දිල්ලි කැපිටල්ස් (ලකුණු 13) සහ ලක්නව් සුපර් ජයන්ට්ස් (ලකුණු 10) යන කණ්ඩායම් අතරය. ඔවුන් මේ වන විට පිළිවෙළින් ලකුණු සටහනේ සිවුවැනි, පස්වැනි සහ හත්වැනි ස්ථානවල පසුවේ.
අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා මුම්බායි කණ්ඩායමට තවත් තරග 2 ක්ද, දිල්ලි කණ්ඩායමට තවත් තරග 2 ක්ද, ලක්නව් කණ්ඩායමට තවත් තරග 3 ක්ද ඉතිරිව තිබේ. එහිදී තමන්ට ඉතිරිව ඇති සියලුම තරග ජයගන්නා කණ්ඩායම් මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන සිවුවැනි කණ්ඩායම බවට පත්වනු ඇත.
තරග 60 ක් අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින ගුජරාට් කණ්ඩායම තරග 12 කදී ජයග්‍රහණ 9 ක් සමග ලකුණු 18 ක් ලබා සිටියි. පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන බෙංගලූරු සහ පන්ජාබ් කණ්ඩායම් තරග 12 කදී ජයග්‍රහණ 8 බැගින් ලබමින් ලකුණු 17 බැගින් ලබා සිටියි. ඔවුන් සහභාගි වූ එක් තරගය බගින් වැස්සට සේදී ගොස් ඇත.
ගුජරාට් කණ්ඩායමේ සායි සුදර්ශන් මේ වන විට තරග 12 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 617 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර ගුජරාට් කණ්ඩායමේ ප්‍රසිද් ක්‍රිෂ්ණා තරග 12 කදී කඩුලු 21 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ රැදී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.