Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International භාරත් - මැක්ස්වෙල් බැංගලෝර් පිලට ජය ගෙනෙති

භාරත් - මැක්ස්වෙල් බැංගලෝර් පිලට ජය ගෙනෙති

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීකර් භාරත්ගේ (නොදැවී 78) සහ ග්ලෙන් මැක්ස්වෙල්ගේ (නොදැවී 51) අර්ධ ශතක හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 56 වැනි තරගය ලෙස ඩුබායිහිදී අද (8 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට රෝයල් චැජේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 63 කදී ලකුණු 111 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් බැංගලෝර් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට ශ්‍රීකර් භාරත් සහ ග්ලෙන් මැක්ස්වෙල් සමත්වූහ. ශ්‍රීකර් භාරත් පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් ලබාගත් අතර ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 33 කදී හතරේ පහර 8 ක් සමගින් නොවැදී ලකුණු 51 ක් ලබාගැනීමට සමත්විය. ඒ.බී.ඩිවිලියර්ස් ලකුණු 26 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට දායක විය.

සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකළ ඇන්රිච් නෝයේ කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල් පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ ප්‍රිත්වී ෂෝ සහ ශීකර් ධවාන් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 61 කදී ලකුණු 88 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක අඩිතාලමක් දමා දුන්හ. ප්‍රිත්වී ෂෝ පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 48 ක් සහ ශීකර් ධවාන් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් ලබාගැනීමට සමත්වූහ.

 

දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 164
(ප්‍රිත්වී ෂෝ 48, ශීකර් ධවාන් 43, ශිම්රන් හෙට්මයර් 29, මොහොමඞ් සිරාජ් 25/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 166
(ශ්‍රීකර් භාරත් නොදැවී 78, ඒ.බී.ඩිවිලියර්ස් 26, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 51, ඇන්රිච් නෝයේ 24/2)

 

- 2079

 


අදහස් (0)

භාරත් - මැක්ස්වෙල් බැංගලෝර් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.