Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බැංග‍ලෝර් පිල කඩුලු 7 ක ජයක් ලබයි

බැංග‍ලෝර් පිල කඩුලු 7 ක ජයක් ලබයි

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 43 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා) ඩුබායිහිදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 11 කට සහභාගි වී සිටින බැංගලෝර් කණ්ඩායම එහිදී ලැබූ 7 වැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. බැංගලෝර් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කළේය. ශ්‍රීකාර් භාරත් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැක්ස්වෙල් සමත් විය.

පන්දු 35කදී වාර්තා වූ භාරත්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. නායක විරාට් කෝලි පන්දු 20 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද, දෙව්දූත් පඩික්කල් පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩය‍මේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්තේය. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 37 කදී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

යශස්වි ජයිස්වාල් (31) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් විය.  පන්දු 22 කට මුහුණදුන් ජයිස්වාල් එහිදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ හර්ෂාල් පටේල් ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර ශාබාස් අහමඩ් සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 2 බැගින් දවාගනිමින් රාජස්ථාන් පිතිකරුවන් පීඩනයට පත්කිරීමට සඳහා හර්ෂාල්ට අනගි සහායක් දුන්හ.

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 149  

(එවින් ලුවිස් 58, යශස්වි ජයිස්වාල් 31, සංජු සැම්සන් 19, ක්‍රිස් මොරිස් 14, හර්ෂාල් පටේල් 34/3, ශාබාස් අහමඩ් 10/2, යුස්වේන්ද්‍ර චාහල් 18/2)

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 17.1 කදී කඩුලු 3 කට 153

(විරාට් කෝලි 25, දෙව්දූත් පඩික්කල් 22, ශ්‍රීකර් භාරත් 44, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 50, මුස්තෆිසුර් රෙහමාන් 20/2)

-036

 


අදහස් (0)

බැංග‍ලෝර් පිල කඩුලු 7 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.