Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බාබර් අසාම්ට ශතකය අහිමි වී ගියද තුවාල ලබා පිටියෙන් ඉවතට ගිය ෆවාඩ් අලාම්ට ශතකය ලබාගැනීමේ අවස්ථාව තවමත් තිබේ. එහි වටිනාකම වැඩි වන්නේ පාකිස්තානු පිල වැටී සිටි අසීරු අඩියෙන් ගොඩගැනීමට මෙම පිතිකරුවන් දෙදෙනා කළ අමිල මෙහෙවර හේතුවෙනි.
ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී ඊයේ (20 වැනිදා) දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වී ඕවර 4 ක් ඇතුළත පාකිස්තානු ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 02 කට කඩුලු 3 ක් ලෙසිනි. එහෙත් නායක බාබර් අසාම් සහ ෆවාඞ් අලාම් දෙදෙනාගේ අප්‍රතිහත උත්සාහය නිසා කඩුලු 4 ක් දැවී ලකුණු 212 ක් ලබාගනිමින් පාකිස්තානුවෝ තරගයේ පළමු දිනය අහවර කළහ.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසුව දිගින් දිගටම ඇතිවූ පාදයේ මස්පිඬු පෙරළීම් හේතුවෙන් ෆවාඞ් අලාම් පිටියෙන් ඉවත්වී ගියේය. ඒ වන විට පැවැති සම්බන්ධතාව බිඳීයාම හේතුවෙන් දෝ බාබර් අසාම් එයින් ලකුණු 8 කට පසුව දැවී ගියේය. කෙසේ වෙතත් අනතුරුව එක්වූ මොහොමඞ් රිස්වාන් (නොදැවී 22) සහ ෆහීම් අශ්රෆ් (නොදැවී 23) තවත් කඩුලු නොදී දිනයේ අවසානය කරා පාකිස්තානු පිල කැඳවාගෙන ගියහ.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් රිස්වාන් සහ අශ්රෆ් අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 44 ක් විය.
බාබර් අසාම් පැය 5 ක් පුරා ලකුණු 75 ක් ලබාගනිද්දී ෆවාඞ් අලාම් සුපුරුදු ආක්‍රමණශීලී ලීලාවෙන් ලකුණු 76 ලබාගත්තේය. විනාශකාරී ආරම්භයක් ලද නමුත් තේ පානය වනවිට පාකිස්තානුවෝ හිස් ඔසවාගෙන සිටියහ. සිය පළමු ඕවර දෙකේදීම කඩුලු 2 ක් දවාගත් කෙමර් රෝච්, තේ පානය වනවිට යැවූ ඕවර 17 කදී ලකුණු 49 ක් දී තිබිණ. එයින් පසුව බාබර් අසාම් දවාගත් රෝච් පළමු දිනයේ සාර්ථකම කොදෙව් පන්දු යවන්නා විය.
සෙල්සියස් අංශක 34 ක උෂ්ණත්වයක් පැවැති සබීනා පිටියේ එය සාර්ථක පන්දු යැවීමකි.
අධික උෂ්ණත්වය කොදෙව් පිලටද කරදරයක් වී තිබිණ. තේ පානයට මඳ වේලාවකට පෙර කොදෙව් කඩුලු රකින්නා වූ ජොෂුවා ද සිල්වා පිටියෙන් ඉවත්ව ගිය අතර එතැන් සිට දිනය අවසන් වන තෙක් කඩුලු රැකීමට ජමාර් හැමිල්ටන්ට සිදුවිය.
කොදෙව් - පාකිස්තානු ටෙස්ට් තරගාවලිය තරග 2 කින් සමන්විතය. පළමු තරගයේදී කඩුල්ලක තියුණු ජයක් ලබාගත් කොදෙව් පිල පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක ජයක් සොයන්නේ වසර 21 කට පසුවය.
එහෙත් 2005 දී මෙන්ම 2011 දීත් පළමු ටෙස්ට් තරගය පරාජය වූ නමුත් පාකිස්තානුවෝ දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් තරගාවලිය සමකළහ.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 4 ට 212 යි
(බාබර් අසාම් 75, ෆවාඞ් අලාම් තුවාල ලබා පිටියෙන් ඉවත් විය 76, මොහොමඞ් රිස්වාන් නොදැවී 22, ෆහීම් අශ්රෆ් නොදැවී 23, කෙමර් රෝච් 49/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.