Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බ්‍රැත්වෙයිට් තනි අතින් එංගලන්තය මෙල්ල කරගනී
බ්‍රිජ්ටවුන් ටෙස්ට් තරගය

බ්‍රැත්වෙයිට් තනි අතින් එංගලන්තය මෙල්ල කරගනී

editorial - 2022 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර බ්‍රිජ්ටවුන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය කාලසටහනේ පවතින නිසා පැවැත්වෙන වන ආකාරයක් පෙනෙන්නට තිබේ. තරගයේ සිව්වැනි දිනය වූ සෙනසුරාදා (19 වැනිදා) නිමාවන විටත්, තරගයේ තීරණයක් පෙනෙන තෙක් මානයක නොතිබූ අතර එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටියේය.

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 96 ක වාසියත් සමගින් එංගලන්තය ලකුණු 136 කින් ඉදිරියෙන් සිටින නමුත් තරගයේ තවත් ඉතිරිව ඇත්තේ දිනයක් පමණි. කෙසේ වෙතත් මෙය පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය සිටි ස්ථානයට බෙහෙවින් සමානය.

පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වූවත්, එම තරගයේදී කොදෙව්වන්ගේ නළලත රැළි නැඟුණු අවස්ථා කිහිපයක්ම වූයේය. කෙසේ වෙතත් යම් හෙයකින් මෙම තරගයේදී කොදෙව්න් පරාජයෙන ගැලවුණහොත් එය සම්පූර්ණයෙන්ම පාහේ නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ගේ සටන්කාමී ඉනිම හේතුවෙනි. පැය 12 ක් පුරා කඩුල්ලේ රැඳුණු කොදෙව් නායකයා, පන්දු 488 කට මුහුණදීමෙන් පසුව ලකුණු 160 කට දැවී ගියේය.

සෙනසුරාදා දිවා ආහාරට පෙර, කෙන්සිංග්ටන් ඕවල් පිටියේ සිටි බහුතරයක් වූ ඉංග්‍රීසි ජාතික නරඹන්නන් වෙතින් සරදම් ලබමින්,  ලකුණක් ලබාගත නොහැකිව එක දිගට පන්දු 30 කට මුහුණ දුන් බ්‍රැත්වෙයිට් අවසානයේදී එයින් මිදුණේ ලකුණු දෙකක් ලබාගනිමිනි.

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේදී බ්‍රැත්වෙයිට්ගේ ඉනිම තරගයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නොවන නමුත් තමන්ගේ කඩුල්ල නිරපරාදේ වීසිකර නොදැමීමට ඔහු තුළ තිබූ අධිෂ්ඨානය, ටෙස්ට් ක්‍රිකට් යනු කුමක්ද යන්න වඩාත් හොඳින් පැහැදිළිකර දීමක් විය.

මුල් ඉනිමේදී ලකුණු 507 ක් ලබාගත් එංගලන්තයේ අපේක්‍ෂාව වූයේ නැවතත් පන්දුවට පහර නොදීම කොදෙව්වන් තලා දැමීමයි. එහෙත් ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ගේ ඉනිම නිසා එංගලන්ත අපේක්‍ෂා සුළඟේ ගසාගෙන ගියේය.

එංගලන්ත පන්දු යවන්නන් විසින් කොදෙව් ඉනිම පුරා ඕවර 188 ක් යවන ලද අතර ඒවායින් ඕවර 69.5 ක් යැවූ ජැක් ලීච් ලකුණු 118 කට කඩුලු 3 ක් දවාගත්තේ එංගලන්ත පන්දු යවන්නකුගේ ධෛර්ය සම්පන්නබවට කදිම නිදර්ශනයක් සපයමිනි.


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 507 යි
ඉටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 411 යි

(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 160, ෂෙමාරා බෲක්ස් 39, ජර්මේන් බ්ලැක්වුඩ් 102, අල්සාරි ජෝෂප් 19, ජොෂුවා ද සිල්වා 33, ජැක් ලීච් 118/3, බෙන් ස්ටෝක්ස් 65/2, සදීක් මොහොමඩ් 58/2)

එංගලන්තය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 40
(ඇලෙක්ස් ලීස් නොදැවී 18, සැක් ක්‍රෝලි නොදැවී 21)

- 213

 


අදහස් (0)

බ්‍රැත්වෙයිට් තනි අතින් එංගලන්තය මෙල්ල කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.