Last Update  :  2025-05-09 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ යෞවනයෝ 3-2 කින් ශ්‍රී ලංකා යොවුන් පිල පරදවති

බංග්ලාදේශ යෞවනයෝ 3-2 කින් ශ්‍රී ලංකා යොවුන් පිල පරදවති

editorial - 2025 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ඒ අනුව දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ යෞවනයෝ සමත් වූහ. 

තරගාවලියේ පළමු තරගය ලකුණු 98 කින් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, දෙවැනි තරගයේදී කඩුලු 9 කින්ද, තෙවැනි තරගයේදී ලකුණු 39 කින්ද, සිවුවැනි තරගයේදී ලකුණු 146 කින්ද බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. පස්වැනි තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි වූ අතර හයවැනි තරගයද ජයගත්තා නම් තරගාවලිය සම කිරීමට ඔවුන්ට අවස්ථාවක් තිබිණ. 

ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 39.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ අසිසුල් හකීම් පන්දු 111 කින් ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

කලාම් සිද්දික් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හකීම්, ඉන් නොනැවතී රිසාන් හොසන් (නොදැවී 48) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

එහිදී පන්දු 45 කට මුහුණදුන් කලාම් හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 64 කදී වාර්තා වූ රිසාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් තරුෂ නවෝද්‍ය, කුගදාස් මතූලන් සහ හිමාල් රවිහංස කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ. 


බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 39.1 කදී කඩුලු 3 කට 188 
(කලාම් සිද්දික් 31, අසිසුල් කහීම් 94, රිසාන් හොසන් නොදැවී 48)  


අදහස් (0)

බංග්ලාදේශ යෞවනයෝ 3-2 කින් ශ්‍රී ලංකා යොවුන් පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.