Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස බංග්ලාදේශය සහ පාකිස්තානය අතර හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන අතර පාකිස්තාන කාන්තා කණ්ඩායම ලැබූ සිවුවැනි පරාජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ෆාතිමා ඛාටුන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 225 ක් පමණි. එහිදී ෆාතිමා ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත් අතර රුමානා අහමඩ් කඩුලු 2 ක් බිඳහෙළුවාය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී සිද්‍රා අමීන් (104) පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට සමත් වුවත්, ඇයට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූවාය. පන්දු 140 කදී වාර්තා වූ ඇගේ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. නහිඩා ඛාන් (43) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 142 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අමීන් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 234 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ෆර්ගනා හක් පන්දු 115 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 71 ක් රැස්කළාය. ආරම්භක පිතිකාරිණී ශාමින් අක්තර් පන්දු 55 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක්ද, නායිකා නිගාර් සුල්තානා පන්දු 64 කදී හතරේ පහරක් මග ලකුණු 46 ක්ද රැස්කරමින් බංග්ලාදේශ කාන්තා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 234
(ශමිමා සුල්තානා 17, ශාමින් අක්තර් 44, ෆර්ගනා හක් 71, නිගාර් සුල්තානා 46, රුමානා අහමඩ් 16, නෂ්රා සන්ධු 41/3)
පාකිස්තාන කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 225
(නහිඩා ඛාන් 43, සිද්‍රා අමීන් 104, බිස්මා මරූෆ් 31, ෆාහිමා ඛාතූන් 38/3, රුමානා අහමඩ් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.