Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පළමු ඕවර 10 නිමාවීමටත් මත්තෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමෙන් හරි අඩක් ආපසු ක්‍රීඩාගාරයට යැවූ පාකිස්තානු කාන්තාවන්ට වාසනාව බොහෝ දුර ඈත විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පාකිස්තානු කාන්තාවන්ගේ අත පොවන මානයේ තිබුණු ජය., වර්ෂාව නිසා බොඳවී යද්දී තරගයේ ප්‍රසාද ලකුණු දෙපිලටම බෙදී ගියේය.
රාත්‍රී 9.30 ට පමණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් එක්දින අන්තර්ජාතික තරගයකදී එංගලන්තය පරාජය කිරීමට තිබූ මහඟු අවස්ථාවක් පාකිස්තානු කාන්තාවන් අතින් ගිළිහී ගියේය. ඕවර 31 කදී ලකුණු 113 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කාන්තාවෝ, වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 6.4 කදී කිසිවකු නොදැවී ලකුණු 34 ක් ලබා සිටියහ.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කාන්තාවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. පස්වරු 4.45 ට පමණ පැමිණි වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත ක්‍රීඩිකාවන් හත් දෙනකු දැවී ලබා සිටියේ ලකුණු 79 ක් පමණි.
වර්ෂාව පැමිණීමට පෙර යැවිය හැකිවූයේ ඕවර 25 ක් පමණි. එහෙත් වර්ෂාවෙන් පසුව රාත්‍රී 8.30 ට තරගය ආරම්භ වූයේ එක පිලකට ඕවර 31 ක තරගයක් ලෙසිනි. කෙසේ වෙතත් වර්ෂාවෙන් පසුව යැවුණු ඕවර 6 දී ලකුණු 54 ක් ලබාගත් එංගලන්ත පිතිකාරිණියෝ ලකුණු සංඛ්‍යාව කඩුලු 9 ට 133 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ.
එංගලන්ත දෙවැනි ඕවරයේදීම ඩයනා බෙග් යැවූ පන්දුවක් නිදැල්ලේ යාමට ටැමී බියුමන්ට් ඉඩ හළ නමුත් ඇය නොසිතූ ආකාරයෙන් ඩයනාගේ පන්දුව කඩුල්ලට කඩා වැදිණ. එතැන් සිට කඩුලු පෙරහැරකි. මුලු ලකුණු සංඛ්‍යාව 13, 22, 38, 39 සහ 54 දී කඩුල්ලක් බැගින් බිඳ වැටිණ. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායිකා ෆාතිමා සානා, එංගලන්තයේ ප්‍රබලතම පිතිකාරිණියන් වන ඇමී ජෝන්ස් (8), හෙදර් නයිට් (18), නායිකා නැතලි ෂිවර්-බ්‍රන්ට් (4) සහ චාලි ඩීන් (33) යන සිව්දෙනාවම පිටියෙන් ඉවත් කළාය.
සැබවින්ම එය එංගලන්ත පිතිකාරිණියන්ගේ අමනෝඥ පිතිහරඹයකට වඩා පාකිස්තානු ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු යැවීමක් විය. පාකිස්තානු වමත් දඟ පන්දු යවන්නියන් දෙදෙනා වන නශ්රා සන්ධු මෙන්ම සාදියා ඉක්බාල් දෙදෙනාම කඩුල්ල එල්ලයේ පන්දු යවමින් එංගලන්ත පිතිකාරිණියන් මහත් අපහසුතාවට පත්කළහ. ෆාතිමා සානා පන්දු යැවූයේ පිරිමි කණ්ඩායමක පළපුරුදු වේග පන්දු යවන්නකුට නොදෙවනි ආකාරයෙනි.
ඉනිමේ මැද කොටසේදී ඔවුන් කෙතරම් හොඳින් පන්දු යැවූයේද යත් 20 වැනි ඕවරය නිමාවේදී කඩුලු 6 කට ලකුණු 75 ක් ව තිබූ ලකුණු පුවරුව, 25 වැනි ඕවරය නිමාවේදී සටහන් වූයේ කඩුලු 7 ට 79 ක් ලෙසිනි. එනම් ඕවර 5 කදී එංගලන්ත පිතිකාරිණියන්ට ලබාගැනීමට අවසර තිබුණේ ලකුණු 4 කි. එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම හමුවේ පාකිස්තානු ක්‍රීඩිකාවන් යැවූ පන්දු 150 න් පන්දු 116 ක් ම නිලකුණු පන්දු විය.
එංගලන්ත කාන්තාවෝ - ඕවර 25 කදී කඩුලු 7 ට 79 යි
(හෙදර් නයිට් 18, සොෆියා ඩන්ක්ලි 11, ඇලිස් කැප්සි 16, චාලි ඩීන් 33, එම්. ආලට් 18, ෆාතිමා සානා 27/4, සාදියා ඉක්බාල් 16/2)
පාකිස්තානු කාන්තාවෝ - ඕවර 6.4 කදී කිසිවකු නොදැවී 34
(මුනීබා අලී නොදැවී 09, ඔමයිමා සොහේල් නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.