Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානය පැරදුවත් නවසීලන්තය ඉවතට
කාන්තා ලෝක කුසලාන - 2022

පාකිස්තානය පැරදුවත් නවසීලන්තය ඉවතට

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුසී බේට්ස් අලංකාර ශතකයක් ලබාගනිමින් ලකුණු 5000 කඩයිම පසුකර යද්දී ක්‍රයිස්ට්චර්ච් හි අද (26 වැනිදා) පැවති කාන්තා ලෝක කුසලාන තරගයේදී නවසීලන්තය ලකුණු 71 කින් පකිස්ථානය පරාජය කළේය. එහෙත් නවසීලන්තයට මෙවර ලෝක කුසලන තරගාවලියේ එතැනින් ඔබ්බට යා නොහැකි වී තිබේ.

එය නවසීලන්තයට මෙන්ම පාකිස්තානයටද තරගාවලියේ අවසන් තරඟය වූයේය.

නවසීලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීමේ සියුම් අවස්ථාවක් තිබුණද, නායක සොෆී ඩේවින් පැවසුවේ තමන් බොහෝ දුරට අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවන බවත්, එයට හිස නැමීම “අමිහිරි” අත්දැකීමක් වන බවත්ය.

“නිසැකවම, අපි මෙම තරඟාවලියේ ඉදිරියට නොයන බව අපට විශ්වාසයි. ඉදිරියට යන කණ්ඩායම් වලට හොඳම දේ ලබා ගැනීමට හැකි වේවායි මා සුභාශිංසනය කරනවා” ඇය පැවසුවාය.

තරගාවලියේ සත්කාරකයන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 266ක් රැස්කළ අතර බේට්ස් ලකුණු 126 ක් ලබා ගැනීමට සමත් වූවාය. පසුව හැනා රෝ ලකුණු 55 කට කඩුලු 5ක් දවාගනිමින් පාකිස්තානය කඩුලු 9 කට ලකුණු 194 කට සීමා කළාය.

මෙම ජයග්‍රහණය නිසා නවසීලන්තයට ප්‍රසාද ලකුණු 6 ක් හිමිවූ නමුත් ප්‍රසාද ලකුණු පුවරුවේ හතරවන ස්ථානයේ සිටින එංගලන්තය සහ පස්වැනි ස්ථානයේ සිටින ඉන්දියාව සමගින් සම තත්ත්වයට පත්ව සිටී. එහෙත් එංගලන්තය මෙන්ම ඉන්දියාවද ශුද්ධ ලකුණු වේගය අනුව නවසීලන්තයට වඩා ඉදිරියෙන් සිටිනවා පමණක් නොව, එම කණ්ඩායම් දෙකටම තවත් තරගයක් බැගින් ඉතිරිව තිබේ.

එංගලන්තය මෙන්ම ඉන්දියාවද ඉතිරි තරගය ජයගතහොත්, දෙපිලම කොදෙව් පිල ඉවතට ඇද දමමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

කොවිඩ් නිශේධන එළිමහන් ප්‍රේක්ෂක සීමාවන් නොමැති වූ හෙයින් හැග්ලි ඕවල් පිටිය ජනාකීර්ණව තිබිණ. එහිදී බේට්ස් නවසීලන්තයේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ලබාගත් අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ලකුණු 5,000 දක්වා ළඟා වූ සිව්වන ක්‍රීඩිකාව බවට පත්වූවාය.

පිට පිට ලෝක කුසලාන තරගාවලි හතරකදී ශතකයක් බැගින් ලබාගත් පළමු ක්‍රීඩිකාව බවටද බේට්ස් පත් වූවාය. එහෙත් ඇයගේ විශ්වාසය වූයේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හැනා රෝ වෙත හිමි විය යුතු බවයි.


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ට 265 යි
(සුසී බේට්ස් 126, සොෆී ඩේවින් 12, අමීලියා කේර් 24, මැඩී ග්‍රීන් 23, බෲක් හේලිඩේ 29, කැතී මාටින් නොදැවී 30, නීඩා දාර් 39/3)

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 194 යි
(මුනීබා අලී 29, සිද්රා අමීන් 14, බිස්මා මාරූෆ් 38, ඔමානියා සොහේල් 14, නීඩා දාර් 50, සිද්රා නවාස් 10, නශ්රා සන්දු නොදැවී 10, හැනා රෝ 55/5, ෆ්‍රාන්සස් මැකී 29/2)


- 213

 


අදහස් (0)

පාකිස්තානය පැරදුවත් නවසීලන්තය ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.