Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන සුපර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ලබන වසරේදී (2023) කාන්තා සුපිරි ලීගයක්ද සංවිධානය කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටින බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීස් රාජා මහතා පැවසීය.
ඊට අමතරව ලබන වසරේ සිට පාකිස්තාන ක්‍රීඩිකාවන් සඳහා යෝග්‍ය දේශීය තරග රටාවක් හඳුන්වාදීමටද තමන් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් කටයුතු සැලසුම් කරමින් සිටන බවද එහිදී රමීස් රාජා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
දිගින් දිගටම අසාර්ථක වූ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ තරග 4 ම පරාජයට පත්ව සිටියි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ පළමු රට බවටද පාකිස්තානය පත්විය.
“පාකිස්තානයේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න අපි සැලසුම් කරමින් ඉන්නවා. ඒත් එහිදී අපට ක්‍රීඩාවන් වෙනුවෙන් කාන්තාවන්ට පනවලා තියෙන සීමා මායිම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවෙලා තියෙනවා. ලබන වසරේදී කාන්තාවන් වෙනුවෙන් දේශීය වශයෙන් තෙදින තරගාවලියක් පැවැත්වීමටත් අපි කටයුතු සූදානම් කරමින් ඉන්නවා.” යැයි සභාපතිවරයා පැවසීය.
“ලෝක කුසලාන තරගාවලිය ගැන මම අපේක්ෂා භංගත්වයට පත්වෙන්නෙ නෑ. මීළග කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් අපි ලබන වසර මුලදී කාන්තාවන් සඳහා පාකිස්තාන සුපිරි ලීගයක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. එයට විදෙස් ක්‍රීඩිකාවන් වගේම වයස 19 න් පහළ යොවුන් ක්‍රීඩිකාවන්ද සහභාගිකරවා ගැනීමටද අපි කටයුතු කරනවා.” යැයිද රමීස් සඳහන් කළේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.