Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානයට ලකුණු 351 ක ඉලක්කයක්
ලාහෝර් ටෙස්ට් තරගය

පාකිස්තානයට ලකුණු 351 ක ඉලක්කයක්

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ලාහෝර්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (24 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් හඹා යන පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 73 ක් ලබා සිටියේය.

ඒ අනුව තරගයේ පසුවැනි සහ අවසන් දිනය වූ හෙට දිනයේදී කඩුලු 10 ක් අතැති පාකිස්තානයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 278 ක් ලබාගැනීමට සිදුවනු ඇත.

ආරම්භක පිතිකරුවන් වූ අබ්දුල්ලා ශාෆිකියු ලකුණු 27 ක් සහ ඉමාම් උල් හක් ලකුණු 42 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

තෙවැනි දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබාසිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම අද දිනයේදී කඩුලු 3 ක් පමණක් අහිමිකර ගනිමින් ලකුණු 227 ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

පළමු ඉනිමේදී ලකුණු 91 කට දැවී ගිය උස්මාන් කවාජා දෙවැනි ඉනිමේදී සිය ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත්විය. පන්දු 178 කට මුහුණදුන් කවාජා හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 104 ක් ලබාගත්තේය. ඩේවිඩ් වෝනර් ලකුණු 51 ක් ලබාගත් අතර මානස් ලැබුෂ්චේන් ලකුණු 36 ක් ලබාගත්තේය.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 391 යි
පාකිස්තානය - පළමු ඉනිම 268 යි

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 3 කට 227 යි
(උස්මාන් කවාජා නොදැවී 104, ඩේවිඩ් වෝනර් 51, මානස් ලැබුෂ්චේන් 36)

පාකිස්තානය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 73
(අබ්දුල්ලා ශාෆිකියු නොදැවී 27, ඉමාම් උල් හක් නොදැවී 42)

- 2079


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 351 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.