Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැවීස් හෙඩ්ගේ ශතකයත්, ඇඩම් සම්පා ප්‍රමුඛ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 88 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 314 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඇඩම් සම්පා ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 45.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 225 ක් පමණි. පාකිස්තාන ඉනිමේ කඩුලු 10 න් 8 ක්ම බෙදාගැනීමට දඟ පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සම්පා ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගත් අතර ට්‍රැවීස් හෙඩ් සහ මිචෙල් ස්වෙප්සන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සම්පාට අනගි සහායක් දුන්හ. සෙසු කඩුලු දෙක ෂෝන් ඇබට් සහ නේදන් එලයිස් අතරේ බෙදී ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 118 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉමාම් උල්හක් (103) සහ නායක බාබර් අසාම් (57) සමත් වූහ. කෙසේ වුවත් මිචෙල් ස්වෙප්සන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් බාබර් අසාම් දැවීයෑමත් සමග පාකිස්තාන ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
ඉන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා පැමිණි පිතිකරුවන් සියලු දෙනාම ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූහ. පන්දු 96 කදී වාර්තා වූ ඉමාම්ගේ 8 වැනි එක්දින ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 72 කදී ලබාගත් අසාම්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 313 ක් ලබාගත් අතර එහිදී වේගවත් ශතකයක් ලබාගැනීමට ට්‍රැවීස් හෙඩ් (101) සමත් විය. පන්දු 72 කට මුහුණදුන් හෙඩ් හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සිය දෙවැනි එක්දින ශතකය අලංකාර කළේය.
නායක ඒරන් ෆින්ච් (23) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෙඩ්, ඉන් නොනැවතී බෙන් මැක්ඩමොට් (55) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 70 කදී වාර්තා වූ මැක්ඩමොට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
මානස් ලැබුෂේන් පන්දු 35 කදී හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද, මාකස් ස්ටොයිනිස් පන්දු 42 කදී හයේ පහරක් සමග ලකුණු 26 ක්ද ලබාගත්හ. කැමරන් ග්‍රීන් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 313
(ට්‍රැවීස් හෙඩ් 101, ඒනර් ෆින්ච් 23, බෙන් මැක්ඩමෝට් 55, මානස් ලැබුෂේන් 25, මාකස් ස්ටොයිනිස් 26, කැමරන් ග්‍රීන් 40, හාරිස් රවුෆ් 44/2, සහිඩ් මහමුද් 59/2)
පාකිස්තානය - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 225
(ෆකාර් සමාන් 18, ඉමාම් උල්හක් 103, බාබර් අසාම් 57, කුෂ්දිල් ෂා 19, ඇඩම් සම්පා 38/4, ට්‍රැවීස් හෙඩ් 35/2, මිචෙල් ස්වෙප්සන් 53/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.