Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 51 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර සජාහිදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 13 කට සහභාගි වී ඇති මුම්බායි කණ්ඩායම එහිදී ලැබූ 6 වැනි ජයග‍්‍රහණය මෙය විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 91 ක පහසු ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ ඕවර 8.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඉෂාන් කිෂන් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.
නායක රෝහිත් ශර්මා පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක් රැස්කරමින් මුමබායි කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් අතර සූර්යකුමාර් යාදව් පන්දු 8 කදී ලකුණු 13 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායමට නේදන් කූල්ටර් නයිල් ප‍්‍රමුඛ මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කූල්ටර් නයිල් සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර ජේම්ෂ් නීෂම් ලකුණු 12 කට කඩුලු 3 ක්ද, ජස්පී‍්‍රට් බුම්රා ලකුණු 14 කට කඩුලු 2 ක්ද දවාගනිමින් රාජස්ථාන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා කූල්ටර් නයිල්ට අනගි සහායක් දුන්හ.
රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු එවින් ලූවිස් පන්දු 19 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. මන්දගාමී පිතිහරඹයක නිතර වූ ඬේවිඞ් මිලර් පන්දු 23 කදී ලකුණු 15 ක් ලබාගත් නමුත් ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් හෝ ඇතුළත් නොවීය.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 90
(එවින් ලූවිස් 24, යශස්වි ජයිස්වාල් 12, ඬේවිඞ් මිලර් 15, රාහුල් තේවතියා 12, නේදන් කූල්ටර් නයිල් 14/4, ජේම්ස් නීෂම් 12/3, ජස්ප‍්‍රීට් බුම්රා 14/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 8.2 කදී කඩුලු 2 කට 94
(රෝහිත් ශර්මා 22, ඉෂාන් කිෂන් නොදැවී 50, සූර්යකුමාර් යාදව් 13)
-036
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.