Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාලය අතර සාජා නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ නේපාල ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඒ අනුව විස්සයි-20 ක්‍රිකට් ආකෘතිය තුළ නේපාල කණ්ඩායමක් විසින් කොදෙව් කණ්ඩායමක් පරාජය කරනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.
කොදෙව් කණ්ඩායම දෙවරක් විස්සයි-20 ලෝක ශූරයන් බවට පත්වූ කණ්ඩායමක් වන අතර නේපලය තවමත් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හෝ ලබා නොමැති කණ්ඩායමකි.
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට මොහොමඩ් ආදිල් සහ කෞෂාල් භූතෙල් ප්‍රමුඛ නේපාල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 83 ක් පමණි. එහිදී ආදිල් ලකුණු 24 කට කඩුලු 3 ක්ද, භූතෙල් ලකුණු 16 කට කඩුලු 3 ක්ද දවාගත්හ.
පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙරාතුව පිටියෙන් ඉවත්ව යද්දී, කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේසන් හෝල්ඩර් පන්දු 15 කින් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි. අකීම් ඔගස්ටි පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලය ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර එහිදී ආසිෆ් ෂෙයික් (නොදැවී 68) සහ සුන්දීප් ජෝරා (63) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 47 කදී වාර්තා වූ ආසිෆ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින්ද, පන්දු 39 කදී වාර්තා වූ සුන්දීප්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය.
නේපාල පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 173
(ආසිෆ් ෂෙයික් නොදැවී 68, සුන්දීප් ජෝරා 63, අකීල් හොසේන් 21/2, කයිල් මේයර්ස් 26/2)
කොදෙව් පිල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 83
(අකීම් ඔගස්ටි 17, අමිර් ජන්ගෝ 16, ජේසන් හෝල්ඩර් 21, මොහොමඩ් ආදිල් 24/4, කෞෂාල් භූතෙල් 16/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.