Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික මහ කි‍්‍රකට් තරගය මෙවරත් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව 142 වැනි ‘නිල් මහ සටන‘ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී හෙට (28 වැනිදා) සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.
වසර 141 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන පැමිණි මෙම තරගය, අඛණ්ඩව පවත්වාගෙන යන ලොව දෙවැනි දීර්ඝතම ක්‍රිකට් තරගය වශයෙන් සැලකේ. කොරෝනා උවදුරද පරාජය කරමින් පසුගිය වසරේදීත් පැවැති නිල් මහ සටන මෙවර පැවැත්වෙන්නේ නරඹන්නන්ගේ සහභාගිත්වයෙන් තොරවය.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන අහන් වික්‍රමසිංහ රාජකීය විද්‍යාල කණ්ඩායම මෙහෙයවයි. සාන්ත තෝමස් පිල මෙහෙයවනු ලබන්නේ ෂලින් ද මෙල් ය.
මෙම තරගය සඳහාම දෙපිලේ කී‍්‍රඩකයෝ ජෛව බුබුළු දෙකක සිටිමින් පසුගිය සති කිහිපයේදී පුහුණුවීම් කළහ. මේ වසරේ පාසල් අතර පැවැත්වෙන පළමු සහ එකම මහා ක්‍රිකට් තරගයද මෙයයි.
සියලූ කටයුතු සූදානම් කිරීමෙන් පසුවද, දැනට පවතින කොරෝනා වසංගතය නිසා ඇති වූ සීමාවන් සහ කොන්දේසි හේතුවෙන්, මෙම මහා තරඟය දෙවරක් කල් දැමීමට සිදු විය. සාමාන්‍ය තත්වයන් යටතේ, මෙම තරඟය සෑම වසරකම මාර්තු පළමු සති අන්ත දෙක තුළ පැවැත්වේ.
ප්‍රථම වතාවට ‘නිල් මහ සටන’ කොළඹින් පිටතට ගෙන යමින්, සිරිත් පරිදි පැවැත්වෙන රථ පෙළපාලී, පා ගමන් වෙනුවට ජෛව ආරක්ෂණ බුබුලූ, පී.සී.ආර් පරීක්ෂණ සහ වෙනත් රෙගුලාසි දැඩි කරමින්, මෙම තරගය සූරියවැවදී පැවැත්වීමට ඒකාබද්ධ තරඟ සංවිධායක කමිටුව තීරණය කළේය. මාර්තු වෙනුවට, අපේ‍්‍රල් 8, 9, 10 දක්වා ‘නිල් මහ සටන’ පසුපසට තල්ලූ කරමින් තරගය පැවැත්වීමට සියල්ල සූදානම් කළ නමුත් දින කිහිපයකට පෙර, අවසන් 11 දෙනා අතර සිටින ක්‍රීඩකයකු ඇතුළුව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් තරගය නැවතත් කල් දැමීමට සිදුවිය.
මාස ගණනක නිශ්ශබ්දතාවයෙන් පසු, ‘නිල් මහ සටන’ නැවතත් සැප්තැම්බර් 9, 10 සහ 11 යන දිනවල පැවැත්වීමට සැලසුම් කෙරිණ. එහෙත් හදිසියේම රටපුරා අගුලූ දැමීමත් සමග එය නැවතත් කල් දැමීමට සිදුවිය.
රට යලි සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් සමඟ නැවතත් සංවිධාන කටයුතු ආරම්භ කළ ඒකාබද්ධ තරඟ සංවිධායක කමිටුව, සූරියවැව පැවැත්වීමට නියමිතව තිබූ 142 වැනි ‘නිල් මහ සටන‘ කොළඹදී පැවැත්වීමට තීරණය කළේය. කෙසේ වෙතත් එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේ සියලූ දොරටු වසා, හිස් ක්‍රීඩාංගණයක, දින තුනේදීම තරගය පැවැත්වෙනු ඇත.
සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් පාසල් දෙකටම තරගය පැවැත්වීමට අවසර ලබා දී ඇත්තේ දැඩි මාර්ගෝපදේශයන් යටතේ පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස, තරඟය කිසිදු ආරාධිතයෙකු හෝ පේ්රක්ෂකයෙකු නොමැතිව ක්‍රීඩාංගණයේ සියළු දොරටු වසා පැවැත්වෙනු ඇත. කණ්ඩායම් දෙක සහ තරඟ නිළධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලූම කොරෝනා නියමයන් සහ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම ක්‍රීඩා කොන්දේසි නියාමනය කරනු ඇත.
පාසල් දෙක හෝ ඔවුන්ගේ ආදි ශිෂ්‍ය සංගම් දෙක සඳහා වෙනත් ස්ථානයක තරගය නැරඹීමට හෝ කිසිදු කණ්ඩායමක් රැුස්වීම අනුමත කර හෝ අවසර දී නොමැත. ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් අක්සියාටා සමාගම විසින් ඩයලොග් ටීවී නාලිකාව හරහා තරගය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ට සෑම වසරකම මාර්තු දෙවන සතියේදී මෙන් කම්පනයක්, හැඟීමක් නොදැනෙන අතර විවිධ කාලවල, විවිධ සිදුවීම් හමුවේ මෙන්ම ලෝක යුද්ධ දෙකේදී පවා නතර නොකළ, මහා තරගය දිගටම පැවැතුණි. කෙසේ වෙතත් අනෙකුත් වසරවල මෙන් නොව, මෙවර කණ්ඩායම් දෙකම ඔවුන්ගේ සම්ප්‍රදායික දෙදින තරඟ වලට කී‍්‍රඩා කළේ මාස හයකට පෙරය.
පාසල් දෙක හෝ ඔවුන්ගේ ආදි ශිෂ්‍ය සංගම් දෙක සඳහා වෙනත් ස්ථානයක තරගය නැරඹීමට හෝ කිසිදු කණ්ඩායමක් රැස්වීම අනුමත කර හෝ අවසර දී නොමැත.
ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් අක්සියාටා සමාගම විසින් ඩයලොග් ටීවී නාලිකාව හරහා තරගය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
රාජකීය විදුහල් කණ්ඩායම
අහන් වික්‍රමසිංහ (නායක), කවිඳු පතිරත්න, ප්‍රශාන් කල්හාර, ඉසිවර දිසානායක, ගිෂාන් බාලසූරිය, සිනෙත් ජයවර්ධන, ඩෑන් පොද්දිවෙල, සොනාල් අමරසේකර, අශේන් ගමගේ, සදීෂ රාජපක්ෂ, සහන් හේරත්, දසිස් මංචනායක, අනුෂ් පොලොන්නෝවිට, ළහිරු ගනේවත්ත, උවිඳු වීරසේකර, බුලන් වීරතුංග, සංවිදු දිසානායක, සෙහත් පෙරේරා, රනුක මලවිආරච්චි, හිරූෂ විජේසේන, ඔමිඳු විදුනෙත්, හයිවින් කල්දේරා.
නිළධාරීහු : ජෙහාන් මුබාරක් (පුහුණුකරු), අනුර ප්‍රශාන්ත (කණ්ඩායම් භාර ආචාර්ය), එම්.ඒ.එම්. රියාස් (ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩා ආචාර්ය)
සාන්ත තෝමස් කණ්ඩායම
ශලින් ද මෙල් (නායක), රයන් ප්‍රනාන්දු, යසිරු රොද්‍රිගූ, කැනිස්ටන් ගුණරත්නම්, අනුක් පලිහවඩන, රොමේෂ් මෙන්ඩිස්, නේතන් කල්දේරා, තේනුක ලියනගේ, මහිත පෙරේරා, රජිඳු තිලකරත්න, සෙනේෂ් හෙට්ටිආරච්චි, අනීෂ් කමලචන්ද්‍ර, මූස් නෞෂාන්, ජනිඳු අබේගුණවර්ධන, තිසෙන් ඇහැලියගොඩ, සේනාධී බුලන්කුලම, අතීෆ් සිද්ධිකිව්, යොරික් තිරිමාන්න, දිරේන් ද සිල්වා, කවිඳු ඩයස්, ආකාෂ් ප්‍රනාන්දු, සහන් විමුක්ති.
නිළධාරීහු : දිනේෂ් කුමාරසිංහ (පුහුණුකරු), ඩිල්ෂාන් මෙන්ඩිස් (සහය පුහුණුකරු), ලසිත් රන්දුණු (පිතිකරණ පුහුණුකරු)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.