Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් උත්සන්න වීම හේතුවෙන්, ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සියලුම තරගාවලීන්ගෙන් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි ඊයේ (19 වැනිදා) වාර්තා විය. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා මහතා ප්‍රකාශ කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එවැනි තීරණයක් ගෙන නැති බවයි.
“ආසියානු කුසලාන තරගාවලිය හෝ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වෙනත් ඕනෑම තරඟාවලියක් පිළිබඳ කිසිවක් කිසිදු ආකාරයකින් සාකච්ඡාවට භාජනය වී නෑ. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති තනිකරම මනඃකල්පිත හෝ මවාපෑම් වෙන්න පුළුවන්”
“අනෙක ඒ වගේ වැදගත් දේවල් ගැන සාකච්ඡා කළාම, ඒවා මාධ්‍ය හරහා නිවේදනය කිරීම සාමාන්‍යය තත්ත්වයක්” යයි ඉන්දු - ආසියානු අන්තර්ජාතික ප්‍රවෘත්ති (එයි.ඒ.එන්.එස්.) සේවය වෙත නිකුත් කළ නිවේදනයකින් කියැවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ ඉන්දියාව කිසිම ආකාරයකින් එවැනි දැනුම්දීමක් කර නැති බවත් නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත්ය.
“ආසියානු ක්‍රිකට් සම්මේලනය තවමත් අපිට කිසිම දැනුම් දීමක් කරලා නෑ. නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියට අපි සූදානම් වෙනවා” යයි ශම්මි සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් ලබන සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන (පිරිමි) තරගාවලිය සම්බන්ධයෙන් අඳුරු තත්ත්වක් පෙනෙන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතත්, 2025 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බැවින් එම තරඟාවලියේ අනාගතය අඳුරු බව පෙනෙන්නට තිබේ.
ඉන්දියාවේ ස්ථාවරය අනුව නම් ආසියානු කුසලාන (පිරිමි) තරගාවලිය මේ වසරේ පැවැත්වීමට ඉඩක් නොමැති බව ‘ස්පෝර්ට්ස්ටාර්’ සඟරාව මීට පෙර වාර්තා කර තිබුණි.
ආසියානු ක්‍රිකට් සභාවේ වත්මන් සභාපති තනතුර දරනු ලබන්නේ පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි මහතා විසිනි. ඔහු පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා ද වෙයි.
වසර 41 ක ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන (පිරිමි) තරගාවලියට ටෙස්ට් වරම් හිමි දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවත් කලාපයේ පිහිටි අනෙකුත් සම සාමාජික රටවලුත් සහභාගි වෙයි. 2023 දී පැවැති තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාව වත්මන් ආසියානු ශූරයෝ වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.