
(දමින්ද විජේසූරිය)
ලබන වසරේ ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් දසුන් ශානක නම්කර තිබේ. කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (19 වැනිදා) පෙරවරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනය කළේය.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පොරතුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව විස්සයි-20 තරග 3 කට සහ එංගලන්තයට එරෙහිව එක්දින සහ විස්සයි-20 සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලි දෙකේදීත් දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.