Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව ලකුණු 175 ක් ඉදිරියෙන්

දකුණු අප්‍රිකාව ලකුණු 175 ක් ඉදිරියෙන්

editorial - 2019 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (26 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිමේදී ලකුණු 72 කට කඩුලු 4 ක් අහිමිකර ගත්තේය. ඒ අනුව දකුණු අප්‍රිකානු පිල එංගලන්ත පිලට වඩා ලකුණු 175 ක් ඉදිරියෙන් සිටින්නේය.

අද දිනයේදී කඩුලු 15 ක් බිඳවැටුණු අතර එම සියලුම කඩුලු වේගපන්දු යවන්නන් අතර බෙදී යාම කැපී පෙනුණි.

එංගලන්ත වේගපන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙකුට ක්‍රීඩාගාරය වෙත හැරී යෑමට සිදුවූහ. එංගලන්ත නායකයා වේගපන්දු යවන්නන් පස්දෙනෙකු යොදාගත් අතර ජොෆ්රා ආචර්ට කඩුලු 2 ක් ද ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවට් බ්‍රෝඞ් අතර කඩුල්ල බැගින්ද බෙදී ගියහ.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත පිලට අද දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණී. ඒ අනුව දකුණු අප්‍රිකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 104 ක් පසුපසින් සිටීමට එංගලන්තයට සිදුවිය.

ජෝ ඩෙන්ලි අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාක් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් හිමිනොවූහ. වර්නන් ෆිලැන්ඩර් කඩුලු 4 ක් ද, කගීසෝ රබාඩා කඩුලු 3 ක් සහ ඇන්රිච් නොට්ජේ කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනට ඊයේ තරගය නතර කරනවිට ලකුණු 277 කට කඩුලු 9 ක් අහිමිකරගෙන සිටි දකුණු අප්‍රිකානුවන්ට අද දිනයේදී සිය ලකුණු පුවරුවට එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 7 ක් පමණි. අවසන් කඩුල්ල ලෙස වර්නන් ෆිලැන්ඩර් දවාගැනීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත්විය.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 284
(ඒඞ්න් මාක්‍රම් 20, සුබයිර් හමිසා 39, ෆෆ් ඩුප්ලෙසි 29, ක්වින්ටින් ඩි’කොක් 95, ඞ්වේන් ප්‍රිටෝරියස් 33, වර්නන් ෆිලැන්ඩර් 35, සෑම් කරන් 58/4, ස්ටුවට් බ්‍රෝඞ් 58/4)

එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 181
(ජෝ ඩෙන්ලි 50, ජෝ රූට් 29, බෙන් ස්ටෝක්ස් 35, සෑම් කරන් 20, වර්නන් ෆිලැන්ඩර් 16/4, කගීසෝ රබාඩා 68/3, ඇන්රිච් නොට්ජේ 47/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 72
(ඩීල් එල්ගා 22, ෆෆ් ඩු ප්ලෙසීස් 20, ජොෆ්රා ආචර් 37/2)

...

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 175 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.