Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව ලකුණු 107 කින් එංගලන්තය පරදවයි

දකුණු අප්‍රිකාව ලකුණු 107 කින් එංගලන්තය පරදවයි

editorial - 2019 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 268 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. ඊයේ දිනය (28 වැනිදා) සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 121 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 147 ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 84 ක් ලබා සිටි රෝරි බර්ස්න් දවාගැනීමට ඇන්රිච් නොට්ජේ සමත් විය. කගිසෝ රබාඩා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට බර්න්ස්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබිණ. නායක ජෝ රූට් හතරේ පහර 8 ක් සමග ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේද නොට්ජේගේ පන්දුවක් හමුවේය.

එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 36 ක් තුළ බිඳහෙළීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කගිසෝ රබාඩා ලකුණු 103 කට කඩුලු 4 ක් දවාගත්තේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා රබාඩාට අනගි සහයක් දුන් කේෂව් මහරාජ් ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 284
(ඒඞ්න් මාක්‍රම් 20, සුබයිර් හමිසා 39, ෆෆ් ඩුප්ලෙසි 29, ක්වින්ටින් ඩි’කොක් 95, ඞ්වේන් ප්‍රිටෝරියස් 33, වර්නන් ෆිලැන්ඩර් 35, සෑම් කරන් 58/4, ස්ටුවට් බ්‍රෝඩ් 58/4)

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 181
(ජෝ ඩෙන්ලි 50, ජෝ රූට් 29, බෙන් ස්ටෝක්ස් 35, සෑම් කරන් 20, වර්නන් ෆිලැන්ඩර් 16/4, කගිසෝ රබාඩා 68/3, ඇන්රිච් නොට්ජේ 47/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 272
(ඩීල් එල්ගා 22, ෆෆ් ඩු ප්ලෙසි 20, රාසි වැන්ඩර් ඩුසේන් 51, ඇන්රිච් නොට්ජේ 40, ක්වින්ටින් ඩි’කොක් 34, වර්නන් පිලැන්ඩර් 46, කගිසෝ රබාඩා නොදැවී 16, ජොෆ්රා ආචර් 102/5, බෙන් ස්ටෝක්ස් 22/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 268
(රෝරි බර්න්ස් නොදැවී 84, ඩොමිනික් සිබ්ලි 29, ජෝ ඩෙන්ලි 31, ජෝ රූට් 48, ජොස් බට්ලර් 22, කගිසෝ රබාඩා 103/4, ඇන්රිච් නොට්ජේ 56/3)


-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 107 කින් එංගලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.