Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර මවුන්ට් මැන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වාර්ඩ්ට් පන්දු 101 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 77 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.
ටස්මින් බි්‍රට්ස් පන්දු 46 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක්ද, නායිකා සුනී ලූස් පන්දු 49 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද, මරිසේන් කේප් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 235 ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකාරිණී ටැමී බියුමොන්ට් පන්දු 97 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 62 ක් රැස්කළාය. ඇමී ජෝන්ස් (53) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බියුමොන්ට් සමත් වූවාය.
පන්දු 102 කදී වාර්තා වූ ඇමී ජෝන්ස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් විය. සොෆියා ඩුන්ක්ලි පන්දු 38 දී ලකුණු 26 ක් රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා බියුමොන්ට්ට සහ ජෝන්ස්ට අනගි සහායක් ලබාදුන්හ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩිකා මරිසේන් කේප් ලකුණු 45 කට කඩුලු 5 ක් බිඳහෙළුවාය.
එංගලන්ත කාන්තා පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 235
(ටැමී බියුමොන්ට් 62, ඇමී ජෝන්ස් 53, සොෆියා ඩුන්ක්ලි 26, මරිසේන් කේප් 45/5, මසබටා ක්ලාසා 23/2)
දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 49.2 කදී කඩුලු 7 ක් දැවී 236
(ලෝරා වුල්වාර්ඩ්ට් 77, ටස්මින් බි්‍රට්ස් 23, සුනී ලූස් 36, මරිසේන් කේප් 32, අන්යා ශ්‍රබ්සෝල් 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.