Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි මාසයේදී විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3 ක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී තිසර පෙරේරා නොසලකා හැර ඇතැයි වාර්තා වේ. මෙම කාරණාව හේතුවෙන් යුද හමුදාව සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර ඊයේ (29 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයට තිසර පෙරේරා සහභාගි වී තිබේ.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග 3 සඳහා තෝරා ගැනීමේ අරමුණින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යළි දිවයින බලා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී දුන්නේය. තේරීම් කටයුතු සඳහා යළි දිවයිනට කැඳවූ ක්‍රීඩකයන්ට අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ තරග සඳහා සහභාගි වීමෙන් වැලකී සිටින ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ බංග්ලාදේශයේදී විස්සයි-20 තරග වලට සහභාගි වීමෙන් විස්සයි-20 තරග සඳහා අවශ්‍ය රිද්මය එලෙසින්ම පවත්වා ගැනීමේ අරමුණ ඇතිවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් අනුව බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටි අවිෂ්ක ප්‍රනාන්දු (චොටෝග්‍රෑම් චැලෙන්ජර්ස්), භානුක රාජපක්ෂ (කොමිලා වොරියර්ස්), දසුන් ශානක (කොමිලා වොරියර්ස්) සහ තිසර පෙරේරා (ඩකා ප්ලැටූන්) යන ක්‍රීඩකයන් තේරීම් කටයුතු සඳහා සහභාගි වීමේ අරමුණින් යළිත් දිවයින කරා පැමිණියහ.
දිවයිනට පැමිණීමට පෙර අවිෂ්ක ප්‍රනාන්දු තරග 6 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 221 ක්ද, භානුක රාජපක්ෂ තරග 6 කදී අර්ධ ශතකයක් ලකුණු 188 ක්ද, දසුන් ශානක තරග 6 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 135 ක්ද රැස්කරගෙන සිටි අතර තිසර පෙරේරා තරග 5 කදී ලකුණු 118 ක් රැස්කරමින් කඩුලු 5 ක්ද දවාගෙන සිටියේය.
අවසන් වරට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේදී පැවැති විස්සයි20 තරගාවලියට සහභාගි වූ මිනෝද් භානුක, ෂෙහාන් ජයසූරිය, ළහිරු මධුෂංක සහ ඇන්ජලෝ පෙරේරා යන ක්‍රීඩකයන්ට ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී ඇති බව වාර්තා වේ. මෙම ක්‍රීඩකයෝ සිය ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ අවසන් තරග කිහිපය සඳහාද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.