Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තිසරගේ පන්දු යැවීම අපතේ යයි

තිසරගේ පන්දු යැවීම අපතේ යයි

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගය ලෙස රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම සහ ඩකා ප්ලැටූන් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11 ක තියුණු ජයක් අත්කර ගැනීමට රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය ඩකා ප්ලැටූන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. ඩකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ටමීම් ඉක්බාල් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජුනේඞ් ඛාන්, ටස්කින් අහමඞ් සහ අරෆට් සනී කඩුලු 2 බැගින් දවාගනිමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ලුවිස් ග්‍රෙගරි පන්දු 32 කදී ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

ලකුණු 50 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී අල් අමීන් (35) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ග්‍රෙගරි සමත් වූ අතර පන්දු 24 කට මුහුණදුන් අමීන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු රැස්කළේය.

එහිදී ඕවර 3 ක් යැවූ තිසර පෙරේරා ලකුණු 23 කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර ශදාබ් ඛාන් ලකුණු 25 කට කඩුලු 2 ක් බිඳහෙළීය.


රාංපූර් රෙන්ජ්ර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 149
(මොහොමඞ් නයීම් 17, ලුවිස් ග්‍රෙගරි 46, අල් අමීන් 35, ජහරුල් ඉස්ලාම් 28, තිසර පෙරේරා 23/3, ශදාබ් ඛාන් 25/2)

ඩකා ප්ලැටූන් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 138
(ටමීම් ඉක්බාල් 34, මෙහෙදි හසන් 20, මොමිනුල් හක් 18, සහීඞ් ශදාබ් ඛාන් 16, ජුනේඞ් ඛාන් 22/2, ටස්කින් අහමඞ් 25/2, අරෆට් සනී 29/2)


-036

 


අදහස් (0)

තිසරගේ පන්දු යැවීම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.