Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඩිල්ෂාන්ගේ කලව මස්පිඬුව ඉරී යයි

ඩිල්ෂාන්ගේ කලව මස්පිඬුව ඉරී යයි

editorial - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------------------

රොෂාන් ගුණරත්න

---------------------------------

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් අද (23 වැනිදා) රාත්‍රියේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව යාමට පෙර එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයට මුහුණ දුන්නේය. පාදයේ කලව ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඩිල්ෂාන් මෙම පරීක්‍ෂණයට මුහුණ දී තිබේ.

ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් තරඟාවලියේදී ඩිල්ෂාන්ගේ පාදයේ කලව මස්පිඩුවේ මාංශපේශි ඉරී ගියේය. එම ආබාධය තිබියදීත් ඔහු මුළු තරගමාලාවම ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා පැවසීය. කෙසේ වෙතත් එහි අනුයාත ප්‍රතිඵලය වූයේ අභ්‍යන්තර රුධිර වහනයකි.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් පසුව ඩිල්ෂාන්ගේ ආබාධය 2 මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතර වේදනා නාශක සහ එන්නත් ලබා ගනිමින් ඔහු තරගමාලාවට දිගටම සහභාගිවී ඇත.

“පාදයේ කලව මස්පිඩුවේ මාංශපේශි අඟල් 4 ක් විතර ඉරිලා ගිහිල්ලා. ඒ එක්කම අභ්‍යන්තරව ලේ ගැලීමකුත් වෙලා තියෙනවා. එයා මේ වන විට දැඩි වේදනාවෙන් ඉන්නේ” යයි ඉම්පෙට් මහතා පැවසීය.

ඉන්දියාවේදී ඩිල්ෂාන් පරීක්‍ෂාකළ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ ආබාධය 3 වන මට්ටම දක්වා වර්ධනය වී ඇති බවයි. කෙසේ වෙතත් ලංකාවේදි සිදුකළ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයෙනන් පසුව එය 2 වන මට්ටමේ පවතින බව මෙරට වෛද්‍යවරුන් පවසා ඇත.

ඉන්දියාවේ පැවති තරඟාවලිය අවසන් වීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට එමින් සිටියදී දිල්ෂාන් දැඩි වේදනාවෙන් පසුවූයේය. කෙසේ වෙතත් මම ආබාධය හේතුවෙන් ඔහුට මාස 6 ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇතැයි කියැවේ.

ආබාධය සුවවීම කල්ගියහොත් මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එල්.පී,එල්. තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තු ඩිල්ෂාන්ගෙන් දුරස්වනු ඇත.

 


අදහස් (0)

ඩිල්ෂාන්ගේ කලව මස්පිඬුව ඉරී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.