Last Update  :  2025-07-29 15:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජැෆ්නා කිංග්ස් ජයට වැස්සත් එක් වෙයි
එල්.පී.එල්. 2021

ජැෆ්නා කිංග්ස් ජයට වැස්සත් එක් වෙයි

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(රොෂාන් ගුණරත්න)

වරින්වර වර්ෂාවෙන් තරගයට බාධා ඇති වුවද කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 7 කින් ජයගැනීමට ජැෆ්නා කිංග්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා  ඕවර 10 කදී ලකුණු 95 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් පිල  ඕවර 8.4 කදී කඩුලූ 3 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

තිසර පෙරේරා පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු නොදැවී 29 ක් සහ ශොයිබ් මලික් පන්දු 9 කදි හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 14 ක් රැුස්කරමින් ජැෆ්නා කිංග්ස් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කරමින් ඊට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

තෙවැනි කඩුල්ල සඳහා තිසර පෙරේරා සහ ශොයිබ් මලික් එක්ව පන්දු 21 කදී ලකුණු 43 ක නොබිඳණු සම්බන්ධතාවක් ගොඩනැගූහ.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා කැන්ඩි වොරියර්ස් පිලට ආරාධනා කළේය. මෙහිදි  ඕවර 12.2 කදී වර්ෂාව හේතුවෙන් කැන්ඩි වොරියර්ස් ක‍්‍රීඩකයෝ ඉනිම අතරමග අවසන් කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 94 ක් ලබා තිබුණි.

ඕවර 7 ක් අවසානයේදීද වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 47 ක් රැස්කිරිමට කැන්ඩි වොරියර්ස් පිතිකරුවෝ සමත්වූහ. මිනිත්තු 95 කට පසුව නැවතත් තරගය ආරම්භ කළ අතර කැන්ඩි වොරියර්ස් ඉනිමෙන්  ඕවර 4 ක් එවර අඩුවිය.

පන්දු 34 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 44 ක් ලබාගැනීමට සමත්විය.

අහ්මඩ් ශේෂාඞ් පන්දු 19 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ලබාගත් අතර මිනෝද් භානුක පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් ලබාගත්තේය.

තරගයේ වීරයාට හිමි සම්මානය ශොයිබ් මලින් විසින් දිනාගන්නා ලදී.


කැන්ඩි වොරියර්ස් -  ඕවර 12.2 කදී කඩුලූ 2 ක් දැවී 94
(චරිත් අසලංක නොදැවී 44, අහ්මඞ් ශේෂාඩ් 22, මිනෝද් භානුක 20, වහබ් රියාස් 21/1, ශොයිබ් මලික් 19/1)

ජැෆ්නා කිංග්ස් -  ඕවර 8.4 කදී කඩුලූ 3 ක් දැවී 95
(අවිශ්ක ප‍්‍රනාන්දු 23, තිසර පෙරේරා නොදැවී 29, බිනුර ප‍්‍රනාන්දු 15/1, සචිඳු කොළඹගේ 16/1, නිමේෂ් විමුක්ති 23/1)

 

 


අදහස් (0)

ජැෆ්නා කිංග්ස් ජයට වැස්සත් එක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.