Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුතුරාජ් ගයික්වාඞ්ගේ (70) සහ රොබින් උතප්පාගේ (63) අර්ධ ශතක හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය. ඩුබායිහිදී අද (10 වැනිදා) පැවැති අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු කඩඉම් තරගයේදී දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගත් චෙන්නායි පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදිම ඉලක්කය පසුකර යෑමට සමත්විය.
රුතුරාජ් ගයික්වාඞ් පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 70 ක් ලබාගත් අතර රොබින් උතප්පා පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් ලබාගත්තේය.
අවසන් ඕවරයේදී චෙන්නායි පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් අවශ්‍යවූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි හතරේ පහර 3 ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 6 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 18 ක් ලබාගැනීමට දෝනී සමත්විය.
ප්‍රිත්වී ෂෝ (60) සහ රිෂාබ් පාන්ට්ගේ (නොදැවී 51) අර්ධ ශතක සමගින් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් රැස්කිරීමට සමත්විය.
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පිතිකරු ප්‍රිත්වී ෂෝ පන්දු 49 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය.
ලකුණු 80 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ රිෂාබ් පාන්ට් සහ ශිම්රන් හෙට්මයර් එක්ව පන්දු 50 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දිල්ලි කැපිටල් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
රිෂාබ් පාන්ට් පන්දු 35 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් ලබාගත් අතර ශිම්රන් හෙට්මයර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් ලබාගැනීමට සමත්විය.
ආරම්භයේ සිටම දිල්ලි පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූ ජොෂ් හේසල්වුඞ් සිය ඕවර 4 ලකුණු 29 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
දිල්ලි - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 172
(ප්‍රිත්වී ෂෝ 60, රිෂාබ් පාන්ට් නොදැවී 51, ශිම්රන් හෙට්මයර් 37, ජොෂ් හේසල්වුඞ් 29/2)
චෙන්නායි - ඕවර 19.4 කදී කඩුලු 6 ක් දැවී 173
(රුතුරාජ් ගයික්වාඞ් 70, රොබින් උතප්පා 63, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 18, ටොම් කරන් 29/3)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.