Last Update  :  2025-07-29 16:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොළඹට ලකුණු 41 ක ජයක්
එල්.පී.එල්. 2021

කොළඹට ලකුණු 41 ක ජයක්

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඇන්ජලෝ මැතිව්ස් (73) සහ දිනේෂ් චන්දිමාල්ගේ (36) පිතිහරඹයත්, නවීන් උල් හක් (27/3) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලකුණු 41 කින් ජයගැනීමට කලම්බු ස්ටාර්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා  ඕවර 18 කදී ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් පිතිකරුවන්ට  ඕවර 16.5 කදී සියලූදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 පමණි.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 64 ක් ලබාගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ජයග‍්‍රහණය කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ඔවුන්ට පරාජය හිමිවිය.

නවීන් උල් හක් කඩුලූ 3 ක් ද, සීකුගේ ප‍්‍රසන්න සහ රවී රාම්පෝල් අතර කඩුලූ 2 බැගින්ද, අශාන් ප‍්‍රියංජන් සහ දුෂ්මන්ත චමීර අතර කඩුල්ල බැගින්ද බෙදී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් පිල  ඕවර 18 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර තරගයේ එක් ඉනිමක්  ඕවර 18 කට සීමාවිය.

ආබාධයක් හේතුවෙන් ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භයේ සිට ක‍්‍රීඩා නොකල නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙවර තරගාවලියේදී ප‍්‍රථම වරට අද ක‍්‍රීඩා කරමින් පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක් ලබාගත්තේය.

ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 36 ක් ලබාගනිමින්  කලම්බු ස්ටාර්ස් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට අමතරට අශාන් ප‍්‍රියංජන් පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට  ලකුණු 10 සීමාව පසු කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ධනංජය ලක්ෂාන් සහ සමිත් පතෙල් කඩුලූ 2 බැගින් දවාගත් අතර මොහොමඞ් අමීර්, ඉසුරු උදාන සහ නූර් අහ්මඞ් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනේෂ් චන්දිමාල් විසින් දිනාගන්නා ලදී.


කලම්බු ස්ටාර්ස් -  ඕවර 18 කදී කඩුලූ 7 ක් දැවී 162
(ඇන්ජලෝ මැතිව්ස් 73, අශාන් ප‍්‍රියංජන් 23, දිනේෂ් චන්දිමාල් 36, ධනංජය ලක්ෂාන් 22/2, සමිත් පතෙල් 23/2)

ගෝල් ග්ලැඩියේටර්ස් -  ඕවර 16.5 කදී සියලූදෙනා දැවී 121
(කුසල් මෙන්ඩිස් 64, නවීන් උල් හක් 27/3, සීකුගේ ප‍්‍රසන්න 23/2, රවී රාම්පෝල් 36/2, අශාන් ප‍්‍රියංජන් 10/1, දුෂ්මන්ත චමීර 15/1)

- 2079


අදහස් (0)

කොළඹට ලකුණු 41 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.