Last Update  :  2025-07-29 15:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව් ක‍්‍රීඩකයක් තිදෙනෙකුට කොරෝනා

කොදෙව් ක‍්‍රීඩකයක් තිදෙනෙකුට කොරෝනා

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් කරච්චිහිදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි තරගාවලි දෙකෙන් ඔවුන් ඉවත් කර තිබේ.

තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන රොස්ටන් චේස් සහ කයිල් මේයර්ස් මෙන්ම වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක ෂෙල්ඩන් කොට්ට‍්‍රල් වයිරසය ආසාදනය වූ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ වූහ. කෙසේ වුවත් මෙම ක‍්‍රීඩකයන් සම්පූර්ණයෙන් එන්නත් කර ගත් අය වන අතර ප‍්‍රධාන රෝග ලක්ෂණ කිසිවක් ඔවුන්ට පෙන්නුම් කර නොමැත.

ඊට අමතරව සංචාරයට එක්ව සිටින සහයක කණ්ඩායමේ සාමාජිකයෙකුටද වයිරසය ආසාදනයවී ඇත.

මේ සමගින් කණ්ඩායම යම් පසුබෑමකට ලක්වුවත් සෙසු ක‍්‍රීඩකයන් සමගින් කණ්ඩායම තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටින බව බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනයේ් ප‍්‍රධාන විධායක නිලධාරී ජොනී ගේ‍්‍රව් මහතා පැවසීය.

”ක‍්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය තවමත් කාමරවල හුදකලාව නිරෝධායනය වේ.

 එබැවින් අපගේ සූදානම් වීමේ සැලසුම්වලට මෙය සැලකිය යුතු පසුබෑමක් නොවනු ඇත. සියල්ලන්ම පාකිස්තානයට පැමිණීමට පෙර ඍණාත්මක පී.සී.ආර්. පරීක්‍ෂණ ප‍්‍රතිඵල දෙකක් ලබාදී ඇති බැවින් සංචාරය දිගටම කරගෙන යා හැකි බව අපට විශ්වාසයි’’

”කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම ක‍්‍රිකට් සංචාරයකින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ. පෙර සිටම අපගේ බොහෝ ක‍්‍රීඩකයින් අඛණ්ඩව ජෛව ආරක්ෂිත බුබුලූ තුළ ජීවත් වුවද, අසාමාන්‍ය ලෙස අපගේ සංචිතයේ ක‍්‍රීඩකයින් තිදෙනෙකු අහිමි වීම අපගේ කණ්ඩායමේ සූදානමට බරපතල ලෙස බලපානු ඇත. නමුත් කණ්ඩායමේ සෙසු අය හොඳ මානසික මට්ටමකින් සිටින බැවින් හෙට (13 වැනිදා) පැවැත්වෙන අපගේ පළමු තරඟයට පෙර අද (12 වැනිදා) පුහුණුවීම් ආරම්භ කරනු ඇත.

ධනාත්මක ප‍්‍රතිඵල ලබා දුන් හතර දෙනා කණ්ඩායමේ සෙසු අයගෙන් හුදකලාව නිරෝධායනය වෙමින් සිටියි. ඔවුන් දැන් කණ්ඩායමේ වෛද්‍යවරයා වන වෛද්‍ය අක්ෂායි මන්සිංහගේ අධීක්ෂණය යටතේ සිටිති. ඔවුන් ඍණාත්මක පරීක්ෂණ ප‍්‍රතිඵල ලබා දෙන තුර දින දහයක් හුදකලාවේ සිටිනු ඇත.

ක‍්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ කොටසක් ලෙස එක්දින තරග තුනකට පෙර, තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට (13 වැනිදා) කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

- 2079


අදහස් (0)

කොදෙව් ක‍්‍රීඩකයක් තිදෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.