Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර මවුන්ට් මැන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ. මේ දක්වා තරග 5 කට සහභාගි වී සිටින කොදෙව් ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙයයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට හේලි මැතිව්ස් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. එහිදී හේලි ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත් අතර ඇෆී ෆ්ලෙචර් සහ නායිකා ස්ටෙෆ්නි ටේලර් කඩුලු 3 බැගින් බිඳහෙළුෑහ.
බංග්ලාදේශ කණ්ඩයමේ නායිකා නිගාර් සුල්තානා පන්දු 77 කදී හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද, නහිඩා අක්තර් පන්දු 64 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. එහිදී ෆර්ගනා හක් සහ සල්මා ඛාතූන් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 23 බැගින් රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශෙමානි කැම්බල් පන්දු 107 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කළාය. ආරම්භක පිතිකාරිණියන් වූ ඩීන්ඩ්‍රා ඩොටීන් පන්දු 20 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද, හේලි මැතිව්ස් පන්දු 43 කදී හතරේ පහර 3 ක් මග ලකුණු 18 ක්ද රැස්කරමින් කොදෙව් කාන්තා ඉනිම සවිමත් කළහ.
කොදෙව් කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 140
(ඩීන්ඩ්‍රා ඩොටීන් 17, හේලි මැතිව්ස් 18, ශෙමානි කැම්බල් නොදැවී 53, ඇෆී ෆ්ලෙචර් 17, සල්මා ඛාතූන් 23/2, නහිඩා අක්තර් 23/2)
බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 136
(ශාමින් අක්තර් 17, ෆර්ගනා හක් 23, නිගාර් සුල්තානා 25, සල්මා ඛාතූන් 23, නහිඩා අක්තර් නොදැවී 25, හේලි මැතිව්ස් 15/4, ඇෆී ෆ්ලෙචර් 29/3, ස්ටෙෆ්නි ටේලර් 29/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.