Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ක්වින්ටින් ඩි’කොක්ට ශතකය අහිමිවෙයි

ක්වින්ටින් ඩි’කොක්ට ශතකය අහිමිවෙයි

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (26 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට වර්නන් පිලැන්ඩර් හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර 82 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කගිසෝ රබාඩා ලකුණු 12 කට දැවී යෑමත් සමග පළමු දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ ක්වින්ටින් ඩි’කොක් හතරේ පහර 14 ක් සමග ලකුණු 95 ක් රැස්කළ නමුත් සිය 6 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමට ඔහුට නොහැකි විය. සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඩි’කොක් ශතකයට ලකුණු 5 ක් පසුපසින් සිටියේය.

ලකුණු 111 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඞ්වේන් ප්‍රිටෝරියස් (33) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩි’කොක්, ඉන් නොනැවතී වර්නන් පිලැන්ඩර් (නොදැවී 28) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ සෑම් කරන් ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ස්ටුවට් බ්‍රෝඞ් ලකුණු 52 කට කඩුලු 3 ක් බිඳහෙළීය. කලකට පසු යළිත් එංගලන්ත කණ්ඩායමට එක්ව සිටින ප්‍රවීණ ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්ට අද දිනයේදී දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 9 කට 277
(ඒඞ්න් මාක්‍රම් 20, සුබයිර් හමිසා 39, ෆෆ් ඩුප්ලෙසි 29, ක්වින්ටින් ඩි’කොක් 95, ඞ්වේන් ප්‍රිටෝරියස් 33, වර්නන් පිලැන්ඩර් නොදැවී 28, සෑම් කරන් 57/4, ස්ටුවට් බ්‍රෝඩ් 52/3)


-036

 


අදහස් (0)

ක්වින්ටින් ඩි’කොක්ට ශතකය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.