Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අසූව දශකයේ ලොව විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකත්වය දැරූ ක්ලයිව් ලොයිඩ්ට නයිට් පදවිය පිරිනැමීමට තීරණය වී තිබේ. ලෝක කුසලාන දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ අවසන් තරගයේ වීරයා වූ බෙන් ස්ටෝක්ස් මෙන්ම ඔහුගේ එංගලන්ත කණ්ඩායමේ සගයෝ කිහිප දෙනෙක්ද නව වසරේදී බ්‍රිතාන්‍ය ගෞරව ලබන්නන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටිති.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාව විශාල පරිවර්තනයට ලක්වූ 1975 සිට 1984 දක්වා කොදෙව් පිලේ නායකත්වය දැරූ ක්ලයිව් ලොයිඞ් නායකත්වය යනු කටු ඔටුන්නක් නොව පෙරමුණේ සිට කණ්ඩායම මෙහෙයවීමේ සුක්කානම යයි ලොවට කියා දුන් නායකයා විය. 1975 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වූ කොදෙව් පිලට අත්කර දීම සඳහා ක්ලයිව් ලොයිඞ් ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ශතකයක් ලබාගත්තේය. ලොයිඞ් ‘කන්ණාඩිකාරයා’ ලෙසින් හැඳින්වුණ නමුත් අති විශිෂ්ට ගණයේ පන්දු රකින්නෙකුද විය.
පරාජය හෝ බිය යනු කුමක්ද යන්න නොදත් කොදෙව් ක්‍රීඩකයෝ යන යන තැන ජයග්‍රහණය කළහ. 1980 දී කොදෙව් පිල හැඳින්වුණේ ‘ලොයිඞ්ගේ යකඩ රෑන’ ලෙසිනි.
අභීත තීන්දු-තීරණ ගන්නා අයකු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන ක්ලයිව් ලොයිඩ් මහතා සිය ක්‍රීඩා දිවියෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයකු ලෙසින් කාලයක් කටයුතු කළේය. ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනාගත් 1996 තරගාවලියේදී කල්කටාවේදී පැවැති අවසන් පූර්ව තරගයට නරඹන්නන්ගෙන් බාධා පැමිණි අවස්ථාවේදී තරගය අතර මග නවතා දමා එහි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමීමට තීරණය කළේද ක්ලයිව් ලොයිඞ් මහතාය.
මේ වන විට 75 හැවිරිදි වියේ සිටින ක්ලයිව් ලොයිඞ් මහතා එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ පදිංචි වී සිටී. මෙතෙක් කලක් ක්ලයිව් ලොයිඞ් මහතා යයි ඔහු හැඳින්වූ නමුත් මින් ඉදිරියේදී ‘ශ්‍රීමත් ක්ලයිව් ලොයිඞ්’ යනුවෙන් ඔහු හැඳින්වීමට ලෝකයාට සිදුවනු ඇත.
නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලාන දිනාගත් එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 84 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස්ට ඕ.බී.ඊ. (බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ බලයලත් නිලධාරියා) තනතුර හිමිවේ. ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් මාස එක හමාරකට පසුව ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව හෙඩිංග්ලිහිදී පැවැති අළු බඳුන තරගයේදී නොදැවී ලකුණු 135 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායමට කඩුලු 1ක ඇදහිය නොහැකි ජයක් ගෙන දුන්නේය. මේ වන විට දකුණු අප්‍රිකානු පිලට එරෙහිව සෙන්චූරියන්හිදී ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ස්ටෝක්ස් බී.බී.සී. ආයතනයෙන් 2019 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා වශයෙන්ද තෝරා ගන්නා ලදි.
ලෝක කුසලාන ජයගත් එංගලන්ත කණ්ඩායමේ නායකයා වූ ඔයින් මෝගන්ට සී.බී.ඊ. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණදෙන නිලධාරියා) තනතුර හිමිවේ. මෙය ලෝක ප්‍රසිද්ධ නයිට් පදවියට එක පියවරක් පමණක් පහළින් ඇති තානාත්තරයකි.
එංගලන්ත පිලේ කඩුලු රකින්නා වන ජොස් බට්ලර් සහ එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් දෙදෙනාම එම්.බී.ඊ. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලයලත් සාමාජිකයා) තනතුර ලබනු ඇත. එය ඕ.බී.ඊ. තනතුරට පියවරක් පහළ තනතුරයි.
ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා එංගලන්ත පිල කැඳවාගෙන ගිය ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ටේරවර් බේලිස් මහතාට ඕ.බී.ඊ තනතුරද එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ සභාපති කොලින් ග්‍රේව්ස් මහතාට සී.බී.ඊ. තනතුරද හිමිවනු ඇත.
ටේරවර් බේලිස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකුද වෙයි.
ඔයින් මෝගන්
බෙන් ස්ටෝක්ස්
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.